ඉතින් ඉතින්...මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා...ඔන්න ඒ අය අලුත් වැඩක් කරලා..

උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE  එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා...