දැන් කට්ටිය හිතනවද මංදා හැකිං පන්තිය කිව්වට කෝ හැකින් නෑනේ කියලා. .ඉන්නකෝ ඉස්සරහට දෙන්නම් හොද වැඩ කෑලි...

ඔන්න වෙනදා වගේම අදත් මම උදේ පාන්දර 6ට විතර කොම්පියුටරේ ඔන් කරා. .පුරුද්දට වගේම මම මුලින්ම කරන්නේ මූනූපොතේ රවුමක් ගහන එක.ඒත් මම ගූගල් ක්‍රෝම් වල ගෙදර පිටුවට (Home page) දාලා තියෙන්නේ ගූගල්.කොම්...වෙනදා වගේම ක්‍රෝම් විවෘත කරා විතරයි සමාන්‍ය විදිහට ගූගල්.එල්කේ එකට ගියා.ඒත් මගේ පුරුද්ද නිසාම මම ක්ෂනයකින් අලුත් ටැබ් එකක් අරගෙන එකේ අර කොටු කොටු වල පේජ් තියෙනවනේ(ඒවට කියන නම දන්නේ නෑ ) එතනින් මූනූපොත ඔබලා ඒ වෙලාවෙම ගූගල් අපු ටැබ් එක වහලා දානවා..ඒත් මෙන්න මම ගූගල් වහන්න යද්දි ගූගල් ලෝගෝ එක ලොකු කලු පාට කොටුවක් තියෙනවා.මම බැලුවා මේ මොකක්ද අලුත් ලෝගෝ එක කියලා..