ඔන්න ඉතින් අදත් උදේම ඔන්ලයින් ඇවිත් සුපුරුදු විදිහටම ෆේස්බුක් පැත්තේ ගියා ..දෙවෙනියට සින්ඩියට යන එකත් දැන් ඉතින් පුරුද්දක් වෙලා මට..සින්ඩියෙත් රවුමක් දාන ගමන් බ්ලොග් එකට යන්න ඕනි කියලා හිතුනා.දැන් ඉතින් බ්ලොගර් වලට ලොග් උනා කියමුකෝ.මට නිකන් දැනුනා වෙනදට වඩා වෙනසක් තියෙනවා නේද කියලා(අපි බ්ලොගර් Dashboard එකට ලොග් වෙනකොටම බ්ලොගර් එකෙන් මේ ගැන පොඩි දැනුවත් කිරීමකුත් කරනවා.ඔය උඩින් තියෙන පොටෝ එක ඒක තමයි)..ඇත්ත නේන්නම්...මෙන්න බොලේ ඔච්චර කල් අපිත් එක්ක අපේ දුකටත් සැපටත් හිටිය Layout ටැබ් එක නෑ .දැන් ඉතින් මොකද කරන්නේ..ඒ වෙනුවට තියෙන්නෙ Design කියලා ටැබ් එකක්.කමක් නෑ ඕන මගුලක් වෙන්න ගිහින් බැලුවා..සාමාන්‍ය Layout tab එකට ගියාම තියෙන පෙනුමමයි.ඒත් පොඩි වෙනසක්
තියෙනවා.Template Designer කියලා අලුත් ටැබ් එකක්..(මට හිතෙන විදිහට නම් ඉස්සර Layout ටැබ් එකේ තිබ්බ Fonts and Colors සහ Pick new template කියන දෙකම එකතු කරලා තමා මේක හදලා තියෙන්නේ.ඊට වඩා පොඩි ගතියක් අලුත් tab එකේ තියෙනවා කියලත් මට හිතුනා..ඔයාලත් බලන්නකෝ..)දැන් ඉතින් මොනාද...වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමා ..ඔබල බැලුවා ඒකේ හැම එකක්ම.හැබැයි ඉතින් මේ ඔක්කොම කරේ මගේ ටෙස්ටින් බ්ලොග් එකේ.මොකද නැත්තම් ඔරිජිනල් එකට කෙල උනොත් එහෙම එපා වෙනවනේ ආයේ මුල ඉඳලා ඔක්කොම හදන්න ගියාම...එහෙනම් ඉතින් අලුත් වැඩ කෑල්ල ගැන පොඩ්ඩක් අපි හොයලා බලමුකෝ...


මෙච්චර කල් Blogger in Draft වලට සීමා වෙලා තිබ්බ Design ටැබ් එක දැන් අපිට අපේ බ්ලොගර් Dashboard එක තුලදීම දැක ගන්න පුලුවන් වෙලා තියෙනවා.වැඩි විස්තර ඕන වෙන්නේ නෑ මම හිතන විදිහට..ඕන කෙනෙකුට මේ වීඩියෝ එක බැලුවාම මොකක්ද වැඩේ කියලා තේරෙයි.මෙන්න එහෙනම් වීඩීයෝ එක..මේකත් බලලම අලුත් අත්දැකීම ලබාගන්න.



දැන් ඉතින් Blogger in Draft මේක තුලින් භාවිතා කරලා තියෙන අය මේක පරණයි නේ කියලා කොමෙන්ට් දැම්මට කමක් නෑ ..කැමතිනම් ඉතින් කොමෙන්ට් එකක් දාලාම යන්නකෝ....