හැකින් පංතියේ අලුත් ඇදුම අන්දලා තිබ්බ අලුත් වැඩියා කිරීම් නිම කලා.අලුත් ඇදුම බ්ලොග් එකට ඇන්දුවා විතරයි ඒ වෙලාවේ හොදට වැඩ කරා.මෙන්න බොලේ ඊලග දවසේ බලද්දි බ්ලොග් එක ලෝඩ් වෙන්න විනාඩි දෙකක් විතර යනවා.ඒත් සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙන්නෙත් නෑ. .මට මාර පුරස්නේ මෙහෙම වෙන්න් ඇයි කියලා.ටිකක් විස්ලේසනය කොරලා බලද්දි තමා තේරුනේ සීන් එක..බ්ලොග් එකට දාපු තීම් එකේ පින්තූර සහ ජාව ස්ක්‍රිප්ට් අප්ලෝඩ් කරලා තිබ්බ සයිට් එක දවසට දෙපාරක් වත් ඩවුන් වෙනවා.දැන් ඉතින් මොනා කරන්නද..දුක තමා කියලා ඔක්කොම අප්ලෝඩ් කරා බ්ලොග්ස්පොට් වලටම...අනේ වාසනාවන්..මෙන්න ඊලගට බ්ලොග් එක කලින් තිබ්බටත් වඩා වේගෙන් ලෝඩ් වෙනවා..මාර සතුටුයි. .මොකද මේක ලෝඩ් වෙන්න පැයක් විතර ගත්තම කියවන්න එන අයට එපා වෙලා ආයේ එන්නේ නෑනේ.ඒ වැඩෙත් ගොඩ....

මගේ ඕපා දූප බලන්න ඕන නැති අය කෙලින්ම පහලට ගියාට ඉතින් කිසිම තරහක් නෑ ඔන්න. .හැබැයි ඕපා දූප ගොඩේ ඔයාලට ඕන දේවල් ගොඩක් ඇති කියලා හිතනවා..

පොඩි පොඩි වැඩ කෑලි ගොඩාක් තිබ්බා ඉස්සර ඉඳලම බ්ලොග් එකේ දාන්න හිතාගෙන.ඒත් වෙන වෙනම එක එක පෝස්ට් එකට දාන්න නම් වෙලාව තිබ්බා.ඒත් මම දැම්මේ නෑ.මොකද අපරාදෙනේ ඒව බලන්න එන කට්ටියගේ කාලය.ඒක නිසා මම හිතුවා පොඩි පොඩි වැඩ කෑලි 3 ක්ම එකම පෝස්ට් එකක දාන්න.ඒ වගේම පොඩි කිව්වට වැදගත් ඒවා විතරයි.වැඩ කෑලි ගොඩාක් තිබ්බට අපිට වැදගත් ඒවනේ වටින්නේ.

මෙන්න ලිස්ට් එක-

1)අප්ඩේට් කිරීම සහ රීඩ් මෝ(ර්)[Read More].
2)බ්ලොගය වේගවත් කර ගැනීම.
3)පහලින්ම Widget Box එකක් දැමීම.

1)අප්ඩේට් කිරීම සහ රීඩ් මෝ(ර්)[Read More].

මම දන්න විදිහට දැන් ගොඩාක් අය බ්ලොග් වලට තීම් හොයද්දී [Read More] option එක ගැන සැලකිළිමත් වෙනවා.මොකද මේක නැත්තම් හෝම් පේජ් එකේම සම්පූර්ණ බ්ලොග් පෝස්ට් එකම පෙන්වන එක ඇත්තෙන්ම පාඨකයාට කරදරයක්. ඒක නිසයි බොහෝ අය රීඩ් මෝ(ර්) තියෙන තීම්ම බ්ලොග් වලට දාන්නේ..

ඒත් දැන් එහෙම කරදර වෙන්න දෙයක් නෑ.මොකද දැන් බ්ලොගර් එකෙන් ඒ පහසුකම ලබා දෙනවා.(ඉස්සරත් එහෙම දුන්නට වැඩේ ටිකක් අමාරුයි.නමුත් දැන් එහෙම නෑ)
කරන්න තියෙන්නේ මේකයි.

1) පියවර-
මුලින්ම ඩෑශ්බෝඩ් එකේ තියෙන Settings tab එක උඩ ක්ලික් කරලා settings වලට යන්න.ඊට පස්සේ පහලම තියෙන Global Settings තුල තියෙන Select post Editor කියන එකෙන් Updated Editor

කියන එක සිලෙක්ට් කරලා සේව් කරන්න.

දැන් ඔයාලට පෝස්ට් එක දෙකට බෙදන්න ඕන තැන Cursor එක තියලා ඔය රවුම් කරලා තියෙන බොත්තම ඔබන්න(No 1). එතකොට ඔය No 2 න් දැක්වෙන ලයින් එක වැටෙයි.දැන් පෝස්ට් එක සේව් කරල බලන්නකෝ.

Note- Read More කියන එක සිංහලෙන් දාගන්න ඕන නම් Design-->Blog post-->Edit කියන තැනට යන්න.ඔන්න..එතනින් ඔයාලට ඕන විදිහට ඒක වෙනස් කරගන්න පුලුවන්.

2)බ්ලොගය වේගවත් කර ගැනීම.

මේකේ නම් ඉතින් කියන්න දෙයක් නෑ..මගේ ඕපා දූප ගොඩෙත් මේ ගැන තිබ්බා.දැන් සමහර බ්ලොග් වල ඒවට අවෂ්‍ය Pictures Save කරලා තියෙන්නේ වෙනම Pictures Upload කරන්නම තියෙන අඩවි වලනේ.උදාහරන හැටියට Photobucket,Flicker වගේ ඒවගේ.මෙහෙම තියෙද්දි අපි බ්ලොග් එක ඕපන් කරද්දි අපිට පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාව ටිකක් වැඩියි.ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ තමයි බ්ලොග් එකට අවෂ්‍යය හැම Picture එකක්ම බ්ලොග්‍ර් වලටම අප්ලෝඩ් කරන එක.කරලා බලන්නකෝ..ඔයාලටම තේරෙයි කොහොමද වෙනස කියලා. (අපි ඩවුන්ලෝඩ් කරන සමහර තීම් වල නම් මේ විදිහට කෙලින්ම බ්ලොගර් වලටම අප්ලෝඩ් කරලයි තියෙන්නේ)
Note- බ්ලොගර් වලට කිව්වට මේ අපි අප්ලෝඩ් කරන පින්තූර ඔක්කොම අප්ලෝඩ් වෙන්නේ Google ගේ Picasa Web Albums වලටනේ.මේක නම් ඉතින් කියන්න ඕනත් නෑ.හැමෝම දන්නවනේ..

අප්ලෝඩ් කරන විදිහ දන්නවා නේද හැමෝම?..New Post එකක් අරන් ඕන Pictures අප්ලෝඩ් කරලා ඒ Pictures වල Direct ලින්ක් එක අරන් පෝස්ට් එක පබ්ලිශ් කරන්නේ නැතුව Pictures ටික ඉතුරු වෙන්න පෝස්ට් එක ඩිලීට් කරන්න.මේක තමයි තියෙන ලේසිම ක්‍රමය.
Note- හැබැයි අපිට මේ වැඩේ ලේසියෙන්ම කරන්න වෙන්නේ බ්ලොගර් තීම් එකත් එක්ක අපිට තීම් එක සඳහා භාවිතා කරපු Pictures ටිකත් දුන්නොත් තමයි.නැත්තම් ඉතින් වැඩේ ටිකක් අමාරුයි...

3)පහලින්ම Widget Box එකක් දැමීම.

හ්ම්ම්....මෙහෙම කිව්වම තේරෙන්නේ නැති අය හැකිං පංතිය බ්ලොග් එකේ පහල කොටස බලන්නකෝ..දැක්කද? කොපි රයිට්ස්,බ්ලොගයේ විස්තර ඇතුලත් කරලා තියෙන බොක්ස් එක?

අන්න ඒ වගේ එකක් දාන විදිහ තමා කියලා දෙන්න යන්නේ.මේ Widget Box එකට කොලම් 3 ක් තියෙනවා.මරු නේද? අපි මේක දැම්මට පස්සේ ඔයලට සාමන්‍යයෙන් අපි සයිඩ් බාර් එකේ භාවිතා කරනවා වගේ ඕනම ගැජට් එකක් මේකටත් දාන්න පුලුවන්..

වැඩේ හරිම් ලේසියි...කරන්නේ මෙන්න මෙහෙම..

1) පියවර-

1. මෙතන්ට යන්න > Layout > Edit HTML
2. ඉස්සෙල්ලාම ඔයාලගේ බ්ලොග් එකේ Backup එකක් ගන්න.මොකද එහෙම එකක් අරන් තියාගන්න එක කෝකටත් හොදයිනේ..
3. දැන්
]]> කියන එක ටෙම්ප්ලීට් එක Search කරලා හොයාගන්න.
4. හරි..දැන් මම පහලින් දෙන කෝඩ් එක (3) දී හොයාගත්ත කොටසට කලින් Paste කරන්න.

/* -----   LOWER SECTION   ----- */
#lower {
margin:auto;
padding: 0px 0px 10px 0px;
width: 100%;
background:#333434;

#lower-wrapper {
margin:auto;
padding: 20px 0px 20px 0px;
width: 960px;

#lowerbar-wrapper {
border:1px solid #DEDEDE;
background:#fff;
float: left;
margin: 0px 5px auto;
padding-bottom: 20px;
width: 32%;
text-align: justify;
font-size:100%;
line-height: 1.6em;
word-wrap: break-word;
overflow: hidden;

.lowerbar {margin: 0; padding: 0;}
.lowerbar .widget {margin: 0; padding: 10px 20px 0px 20px;}

.lowerbar h2 {
margin: 0px 0px 10px 0px;
padding: 3px 0px 3px 0px;
text-align: left;
color:#0084ce;
text-transform:uppercase;
font: bold 14px Arial, Tahoma, Verdana;
border-bottom:3px solid #0084ce;

.lowerbar ul {
margin: 0px 0px 0px 0px;
padding: 0px 0px 0px 0px;
list-style-type: none;

.lowerbar li {
margin: 0px 0px 2px 0px;
padding: 0px 0px 1px 0px;
border-bottom: 1px dotted #ccc;

2) පියවර- දැන්
කියන එක ටෙම්ප්ලීට් එක Search කරලා හොයාගන්න.ඊට පස්සේ පහල තියෙන කෝඩ් එක ඒකට කලින් Paste කරන්න.

<b:section class='lowerbar' id='lowerbar1' preferred='yes'>
</b:section>

<b:section class='lowerbar' id='lowerbar2' preferred='yes'>
</b:section>

<b:section class='lowerbar' id='lowerbar3' preferred='yes'>
</b:section>

ඔන්න වැඩේ හරි.දැන් ඔයාලගේ ටෙම්ප්ලීට් එක සේව් කරගන්න.Page Elements වලට ගිහින් බලන්නකෝ වැඩේ ගොඩද කියලා..

Note- ඔයාලට ඕන විදිහට ඕකේ Background Color,Text color, එඩිට් කරගන්න පුලුවන්. ඒ ටික නම් ඔයාලට ඉතින් කරගන්න පුලුවන්නේ.දන්නේ නැති නම් කොමෙන්ට් වල දාන්නකෝ..කියලා දෙන්නම්..

හ්ම්ම්....ගොඩාක් ටයිප් කරපු පෝස්ට් එකක්...මොකද අද කියලා දුන්න ඒවා ටයිප් කරන්නේ නැතුව Pictures වලින්ම කියල දෙන්න අමරුයි නේ..

අහ්හ් අමතක උනා කියන්න..(ඕපා දූප තමා ) දැන් ඉතින් සින්ඩියෙත් ගොඩාක් ටෙක්නිකල් බ්ලොග් තියෙනවනේ...ඒක හොදයි..මොකද නැත්තම් කිසි චැලේන්ජ් එකක් නෑනේ.. ..ඒත් ඉතින් හැමෝම දන්නවනේ ඒ අතර හැකින් පංතිය තියෙන්නේ කොතනද කියලා...

එහෙනම් කියවලා බලලා කොමෙට් එකක් එහෙමත් දාලම යන්නකෝ.. ..ෆේස්බුක් ලයික් එකකුත් දාලා අනිත් අයටත් කියන්න ශෙයාර් කරගම්මු නේද....