පසුගිය දින කිහිපයේ පාරිභෝගිකයන් මහත් අපහසුතාවයට පත් කරමින් SLT ADSL අන්තර්ජාල වේගය විටෙක ඉතාමත් පහල මට්ටමකට ලගාවිය. එය කොතෙක්ද කිවහොත් සමහර අවස්ථාවල Google.com වෙත යාමටවත් පාරිභෝගිකයන්ට අවස්ථාවක් නොලැබුනි.

මේ වන තුරුත් ජාලය තුල පවතින මෙම මන්දගාමී තත්වය පිළීබඳව හැකින් පංතිය කල විමසීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිල වශයෙන් නිවේදනය කලේ ඔවුන්ගේ Backbone කේබලයෙහි සිදුවන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙසේ වේගය අඩාල වී පවතින බවයි.කෙසේ වෙතත් මැයි 27 වෙනිදා SLT ADSL නැවත් යථා තත්වයට පත්වන බවට තව දුරටත් කරුනූ පහදමින් ඔවුන් ප්‍රකාශ කරනු ලැබීය.



මෙම වාර්ථාව කිසිම වෙබ් අඩවියකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් උපුටා ගැනීමක් නොවන බවටත් මෙය හැකින් පංතිය කල විමසීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිල වශයෙන් ලිඛිතව ඉදිරිපත් කල පිළිතුරක් බවටත් සතුටින් දැනුම් දෙමු.