කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක ලියන්න අවස්ථාවක් ලැබුනේ...මේ දවස් වල ටිකක් වැඩ වැඩියි..කස්ටිය තරහ වෙන්න එපා ..හොද හොද වැඩ කෑලි ටිකක් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා.. :)

දැන් වැඩේට බහිමුකෝ......

අපිට ඉතින් මොනවා හරි වීඩියෝ එකක් නැත්තම් mp3 එකක් හොයාගන්න ඕන උනාම අපි යන්නේ යූ ටියුබ්.කොම් නේ නේද..ඒත් අවුලට තියෙන්නේ අපිට ඕනේ mp3 එකක් නම් අපිට වීඩියෝ එක බාගෙන ඒක කන්වර්ටර් එකක් දාගෙන කන්වර්ට් කරන්න වෙනවනේ mp3 වලට..ඕක මහ අවුල් වැඩක් මට නම්.මොකද අපිට වීඩියෝ එක ඕන නැතිනම් ඒක බාගන්න එකෙන් ප්‍රයෝජනයක් නෑනේ.මම නම් ඒ වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය.මම හිතුවා ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා..දන්න අයත් ඇති මේව ගැන..කමක් නෑ දන්නේ නැති අයට කියලා දෙමු.. :)

1) පියවර-මුලින්ම ඔයාලට විදිහට බාගන්න ඕන යූ ටියුබ් වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න.( කවදාවත් ඉන්ටර්නෙට් පාවිච්චි කරනව නම් ඔහොම පාස්වර්ඩ් එහෙම කොපි කරගෙන ක්ලිප් බෝර්ඩ් එකෙ තියාගන්න එපා.දන්නවනේ නේද ඇයි කියලා? )

2) පියවර- දැන් පහල තියෙන වෙබ් එඩවි ඕන එකකට ගිහින් එයාල කියන තැන ලින්ක් එක පේස්ට් කරලා ඔයාලට ඕන කොලිටිය තෝරන්න(හයි කොලිටි හෝ ලෝ කොලිටි).


3) පියවර- දැන් ඒවගේ කියල තියෙන විදිහට ඊලග පියවරට යන්න.ඊට පස්සේ එයලාගේ සර්වර් එකෙන්ම වීඩීයෝ එක mp3 විදිහට කන්වර්ට් කරලා අපිට අහන්න හෝ බාගන්න අවස්ථාව ලබා දෙනවා..

උත්සහ කරලා බලන්න..කවදා හරි ප්‍රයෝජනවත් වෙයි..කියවලා කොමෙන්ට් එකකුත් දාලා අනිත් අයටත් කියන්න ෆේස්බුක් ශෙයාර් කරගත්තොත් හොදයි නේද? :) :D :D