දැන් කට්ටිය හිතනවද මංදා හැකිං පන්තිය කිව්වට කෝ හැකින් නෑනේ කියලා. .ඉන්නකෝ ඉස්සරහට දෙන්නම් හොද වැඩ කෑලි...

ඔන්න වෙනදා වගේම අදත් මම උදේ පාන්දර 6ට විතර කොම්පියුටරේ ඔන් කරා. .පුරුද්දට වගේම මම මුලින්ම කරන්නේ මූනූපොතේ රවුමක් ගහන එක.ඒත් මම ගූගල් ක්‍රෝම් වල ගෙදර පිටුවට (Home page) දාලා තියෙන්නේ ගූගල්.කොම්...වෙනදා වගේම ක්‍රෝම් විවෘත කරා විතරයි සමාන්‍ය විදිහට ගූගල්.එල්කේ එකට ගියා.ඒත් මගේ පුරුද්ද නිසාම මම ක්ෂනයකින් අලුත් ටැබ් එකක් අරගෙන එකේ අර කොටු කොටු වල පේජ් තියෙනවනේ(ඒවට කියන නම දන්නේ නෑ ) එතනින් මූනූපොත ඔබලා ඒ වෙලාවෙම ගූගල් අපු ටැබ් එක වහලා දානවා..ඒත් මෙන්න මම ගූගල් වහන්න යද්දි ගූගල් ලෝගෝ එක ලොකු කලු පාට කොටුවක් තියෙනවා.මම බැලුවා මේ මොකක්ද අලුත් ලෝගෝ එක කියලා..

බලද්දි මෙන්න ගේම් එකක් වැටෙනවා..ඉතින් ආයේ මොනවද..ගේම් නම් මාරියෝ උනත් කමක් නෑ මං නම් ගහනවා..මේකත් ගැහුවා පැයක් විතරම..ඊට පස්සේ තමයි මතක් උනේ බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියලා...

දැන් ඉතින් විස්තර හොයන්න එපැයි..වෙනදා නම් ගූගල් ලෝගෝ එක වෙනස් කරපු දවසට I'm Feeling Lucky බොත්තම ඔබපුවාම වෙනස් කරපු හේතුව ඒ කියන්නේ අලුත් ලෝගෝ එක ගැන විස්තරයක් වැටෙනවනේ අද ඒකත් නෑ..ඒක ඔබපුවාම අර ඒම එකේ මල්ටිප්ලේයර් විවෘත වෙනවා..ඊට පස්සේ තමා මතක් උනේ ලොගෝ එක උඩට මවුස් එක ගෙනිච්චාම හෝ ක්ලික් කරාම විස්තරේ වැටෙනවා නේද කියලා. .ඔන්න ඉතින් හා හා පුරා කියලා වැඩේ කරා.ඒත් ඉතින් ඒක තත්පර ගානක් තියෙන්නේ.කියවන්න ඕනි නිසා ගත්තා ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්..මෙන්න බලන්නකෝ...



මෙහි විශේෂත්වය නම් වසර 11 ක ගූගල් ඉතිහාසයේ මේ විදිහට ගූගල් ලෝගෝ එකට ජාවා ස්ක්‍රිප්ට් එකකින් පාලනය කල හැකි සහ ක්‍රීඩා කල හැකි ඩූඩල් එකක් දාපු ප්‍රථම වතාව තමයි මේක.එමෙන්ම මෙය තවත් පැය 48 ක කාලයක් ගූගල් තුල රැදී තිබෙනු ඇති.ඒ වගේම මෙම පරිඝණක ක්‍රීඩාව මීට වසර 30 කට ප්‍රථම නිර්මාණය කලේ ජපන් සමාගමක් වන Namco Bandai සමාගම විසිනි.


කස්ටියම ගේම් පාරක් එහෙම දාල ඔන්න අද දවසේ වැඩ පටන් ගන්න හොදේ. ...හැමෝටම සුභ දවසක්.....