මේක නම් ප්‍රයෝජනවත් වෙන්නේ බ්ලොග් අඩවියක් තියෙන අයට පමනයි.ඒත් කමක් නෑ..කියලා දෙන්න එපැයි..දැන් බොහෝ දෙනෙක් බ්ලොග් බලට ගූගල් බස් සහ ෆේස්බුක් ශෙයාර් බොත්තම් දාලනේ තියෙන්නේ..ඒ උනාට ගූගල් බස් නම් තාම ජනප්‍රිය වෙලා නැති හැඩයි.. :( .. මූනුපොතේ ගොඩක් ප්‍රසිද්ද දෙයක්නේ ඔය Like කොරනවා කියන්නේ..කොහොමද ඒක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න තිබ්බොත්..හොදයි නේද?

වැඩේ කරන්නේ මෙහෙමයි..

**මුලින්ම ඔයාලා බ්ලොග් එකේ Layout-->Edit Html කියන තැනට යන්න.

**ඊට පස්සේ "Expand Widget Templates" කියන තැනට හරි ලකුණ යොදන්නත් අමතක කරන්න එපා.

**දැන් කී බෝඩ් එකේ Ctrl+F ඔබලා එන බොක්ස් එකේ


කියන කෝඩ් එක ටයිප් කරන්න.එතකොට ඒ කෝඩ් එක ඔයාලගේ බ්ලොග් ටෙම්ප්ලීට් එකේ කොතනද තියෙන්නේ කියලා බ්‍රව්සර් එකෙන් හොයලා දෙනවා.

**දැන් තියෙන්නේ පහත තියෙන කෝඩ් එක අර අපි කලින් හොයාගත්ත කෝඩ් එකට කලින් අලවන්න.(අලවන්න කිව්වේ පේස්ට් කරන්න කියන එක හොදේ.. :P )


දැන් ඉතින් වැඩේ හමාරයි..දැන් ඕනම කෙනෙක්ට ෆේස්බුක් ලොග් වෙලා ඉද්දි ඔයාගේ බ්ලෝග් එකට ආවම එයාලා ඒ පෝස්ට් එකට කැමති නම් ෆේස්බුක් එකේ වගේම ලයික් කරලා යන්න පුලුවන්..

මේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරන විදිහට දෙන එක සමහරුන්ට ප්‍රස්නයක් වෙයි කියලා හිතන නිසයි කියන්නේ.සමහරු හිතනවනේ මෙහෙම දුන්නම ඒ වෛරස්, ට්‍රෝජන් වගේ දේවල් අඩංගු කරල ඇති කියලා.එහෙම එකක් නෙවි.බ්ලොගර් පෝස්ට් එකක් මැද්දේ මේ වගේ කෝඩ් එකක් දාපු ගමන් ටෙම්ප්ලීට් එක විකෘති වෙනවා.ඒකයි මෙහෙම දෙන්නේ.ඒක නැති කරන්න නම් ටෙම්ප්ලීට් එක එඩිට් කරන්න ඕනි නිසා දැන් කම්මැලි වගේ.ඒක නිසා මෙහෙම්මම දාන්නම්. :D

මේ කෝඩ් එකේ ලයික් කරන අයගේ ප්‍රොෆයිල් පොටෝ එක පහලින් වැටෙන විදිහටයි ලියලා තියෙන්නේ.කෙනෙකුට ඒක වදයක් වගේනම් ඒක නැතුවත් මේක දාන්න පුලුවන්.වෙනස් කරන්න තියෙන්නේ show-faces=true කියන එක show-faces=false කියන විදිහට විතරයි..

මුලින්ම කිව්වා වගේ මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් අඩවි තියෙන අයටයි..මම හිතනවා මේක බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙන පෝස්ට් එකක් කියලා.ඒ වුනත් ප්‍රස්න තියෙනවනම් කොමෙන්ට් වල අහන්නකෝ..

ඒ වගේම කියවලා බලලා කොමෙන්ට් එකක් දාලා අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දැම්මොත් හොදයි නේද?.. :D .. ආහ්හ්..ඇයි මම අලුතෙන් දැම්ම Like බොත්තම.ඒකත් ඔබලම යන්නකෝ... :D :D