Hacking පංතිය.

ගූගල් ලොක්කගේ ඔලිම්පික් ගේම්..

ඔලිම්පික් එකට එක එක ඩූඩ්ල් ද දා හිටිය ගූගල් ලොක්කා අද අලුත් වැඩක් කොරලා ඔන්න..මෙච්චරකල් දැම්මා වගේ නැතුව මේ සැරේ ඔලිම්පික් එකට දාපු මුල්ම interactive ඩූඩ්ල් එක ඔන්න අද අපට දීලා.මේකෙදි කරන්න තියෙන්නේ කඩුළු මතින් දීවීමේ ක්‍රීඩාව ..ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ..ඔයාලට ගිහින් ගේම් එක ප්ලේ කරන්න තමයි තියෙන්නේ...පටන් ගද්දිම ගේම ගහන විදිහ අපිට කියල දෙනවා..

එහෙනම් කට්ටිය ගේම හොදට ගහමු ඈ...මටනම් කඩුලු ටික පැනගෙන පැනගෙන දිනුම් කනුව ලගට යන්න තත්පර 14.4 ක් ගියා...බලමු අපේ යාළුවෝ කොහොම දුවයිද කියලා....  

YOUTUBE වලින් මුහුනු හ‍න්ගමුද?


ඉතින් ඉතින්...මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා...ඔන්න ඒ අය අලුත් වැඩක් කරලා..

උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE  එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා...

Favicon වෙබ් අඩවි 30 ක් සමග Trojan හුටපටය..

ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට ...ඔන්න මම අදත් පොඩි වැඩ කෑලි දෙකක් අරගෙන ආවා...Favicon ගැනනනම් මං කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා...මේ තියෙන්නේ ඒක (ඔබේ බ්ලොග් එකටත් අලුත් Favicon එකක් දාගන්න)..අද මම දෙන්න යන්නේ අන්න ඒ වගේම අපිට Favicon දාගන්න උදව් කරන වෙබ් අඩවි ටිකක්..ඔන්න ඔයාලත් මේ වෙබ් අඩවි බලලා ඔයාලට හොදයි කියල හිතෙන එකක් දාගන්නකෝ..


2. Animated Favicon

3. Photoshop Tutorial

ඔබේ බ්ලොගයටත් Flash Animated Label Cloud එකක්..

ඔන්න මම ගොඩක් කාලෙකින් ආවට පස්සේ දාන දෙවෙනි පෝස්ට් එක ...මං මේ ගැන දාන්න හිටියේ මීට අවුරුද්දකට විතර කලින්...එත් ඉතින් මට විවේකයක් තිබ්බේ නැති නිසා ඒකත් අමතක වෙලා ගියා ...එත් අයෙත් බ්ලොග් එක ලියන්න ගත්ත දවසෙම හිතුනා මේ ගැන පොස්ට් එකක් දාන්න ඕන කියලා..අයියෝ..මේක මේක කිය කියා හිටියට මොකක්ද කියන්න බැරි උනානේ...මං අද කියල දෙන්න යන්නේ Flash Animated Label Cloud එකක් කොහොමද ඔයාලගේ බ්ලොග් එකට දාගන්නේ කියලා..

නොමිලයේ ලැබෙන එළමකිරි රැට් එකක්..

ඉතින් ඉතින් කොහොමද කට්ටියට...ගොඩක් කාලෙකට පස්සේ හරි ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා...එහෙම කියල හිතල තමා 'මම අයෙත් එනවෝ' කියල පෝස්ට් එකක් දැම්මේ..  සමහර අයනම් මම අයෙත් එනවට කැමැත්තෙන් කොමෙන්ට් දාල තිබ්බා..ඒ වගෙම ඉතින් ඵල තියෙන ගහටනේ ගල් වදින්නේ කියන එක ඇත්තක් කරන්නද මන්දා මට හොද කුනුහබ්බෙන් බැනලත් කොමෙන්ට් දාල තිබ්බේ..ඉතින් ඒ අයට මට කියන්න තියෙන්නේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න කියලා.මොකද දාලා තියෙන කොමෙන්ට් දැක්කම හිනා යන හින්දා...කැමතිනම් තව මාව හිනස්සවන්න මේකටත් එහෙම කොමෙන්ට් ටිකක් දාන්න.. ලොල්..
එව්වා වැඩක් නෑ..අපි වැඩේට බහිමු ..
මෙන්න මේක තමා බාණ්ඩෙ ..එලමකිරි රෑට් එකක්..



මම ආයෙත් එනවෝ..

Hacking පoතිය ළඟදීම නැවත ඇරඹේ... :)
I'll Be Back Soon...



පෙන් (USB Flash Drive) එක RAM එකක් විදිහට භාවිතා කරමුද?


ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ...එහෙම හිතලා පෙරේදා දාන්න ගියපු මේ පෝස්ට් එකටත් කෙල උනා.. දැන් මේ දෙවෙනි සැරේට මේ පෝස්ට් එක ලියන්නේ...හ්ම්ම්...අපේ ෆේස්බුක් පාඨක පිටුවේ මම මෙහෙම දැම්මේ අගෝස්තු 6 වෙනිදා...

"You wanna speed up ur computer? Keep in touch with us...ඔබේ පරිගණකය වේගවත් කරගැනීමට අවශ්‍යයද? රැඳී සිටින්න අප සමඟ... :)"

එදාම හවස පෝස්ට් එක දාන්න හිටියත් බැරි උනේ සම්පූර්ණ පෝස්ට් එකම ලියලා ඉවර උනාට පස්සේ මගේ අතින් ඒක ඩිලීට් උන නිසා...ඊට පස්සේ අයෙත් ඒකම ලියන්න කම්මැලි හිතුනා..ඒත් දැන් එහෙම දාපු හින්දා පෝස්ට් එක නොදාත් බෑනේ..අනික ඊයේ ද කොහෙද මං දැක්කා වෙන බ්ලොග් අඩවියක මේ ගැන කියල තියෙනවා. ..හැබැයි ඔන්න මං එයාලගේ එක කොපි කරේ නම් නෑ ..ඒකට මගේ පාඨක පිටුව සාක්ෂි දරනවා..

කථා ඇති නේද...බහිමු වැඩේට....


මුලින්ම පහලම තියෙන විශේෂ නිවේදනය බලලම වැඩේ පටන් ගන්න හමෝම....

මූලිකව මේ ගැන මම හැඳින්
වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..


වෙනත් අයෙකුගේ Skype චැට් History ය බලමුද?




ඔන්න අද දෙන්න යන්නේ ටිකක් අමුතු වැඩ කරන්න කැමති කට්ටියට ටිකක් හිතට වදින මෘදුකාංගයක්..මටත් මේ ගැන දැන ගන්න ලැබුනේ ශශික (මචන් ඔන්න නම දාන්න කියපු හින්දා දැම්මා හොදේ..හික් හික්...) කියල මගේ යාලුවෙක්ගෙන්...එයා ස්කයිප් එකේ අපි යාලුවෙක් ඇඩ් කරගත්තු දවස හොයන්න පුලුවන් විදිහක් තියෙනවද කියල හොය හොයා යද්දි තමා මේක දැකලා තියෙන්නේ..(ඔන්න ඒක කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න..ලොකු උදව්වක් වෙයි එයාට) ...

මෙහෙමයි....මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම්කෝ මේ මෘදුකාංගය ගැන...

බ්ලොග්කරුවකුගේ නික්ම යාම !!



හිත් හොඳ මිනිසුනුයි හැමවිට ඉක්මන් වන්නේ..

දිවියෙන් දිවිය නිමවී මේ සසරත් කෙටි වන්නේ..

ඔබ කල සේවය අප හදවත් තුල රැව්දෙන්නේ...

ඉතින් අවසරයි සමුදෙන්නට බ්ලොග්කරුවානේ !!


තම තම නැණ පමණින් සිංහල බ්ලොග් අඩවිය රචනා කල කුමුදු ලාල් පින්තු මහතා හදිසියේම අප අතරින් වෙන්වූ බව මා දැන්ගත්තේ තවත් බ්ලොග් අඩවි කිහිපයකිනි..ඇත්තෙන්ම එක වරම "තම නැණ පමණින්" බ්ලොග් අඩවිය කියූ පමණින් මට මතකයට නොආවත් මම එම බ්ලොග් අඩවියට ගිය සැනින් මට එය හුරු පුරුදු අඩවියක් බවට වැටහුණි..එහි සෑම පෝස්ට් එකක්ම මම කියවා නැති මුත් තුන හතරක් නම් අනිවාර්‍යයෙන්ම කියවා ඇත..


මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3ක්..



හායි...කට්ටියට කොහොමද..?..ඔන්න අද ගැන්ස්ටර් ආවේ මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3 ක් අරගෙන...ඔක්කොමලා ඇවිත් බලන්නකෝ මේ මොනාද කියලා... :)..වැඩිය කථා ඕන නෑනේ..

1)පෝර්ටබල් මෘදුකාංග හදන මෘදුකාංගය.
2)පොටෝ කලෙක්ෂන් එකක් ලස්සනට හදා ගන්න පුලුවන් මෘදුකාංගයක්.
3)බොරු හඬක්(Fake Voice) මෘදුකාංගය.

දැන් ටිකක් විස්තර ඇතුවම බලමු....


Flash (Banners,Menus,Buttons,Text) අඩවියට දාමුද?




මේවා ඉතින් දැනගත්තාම ගොඩක් අය නම් කියලා දෙන්නේ නෑ..ඒත් අනේ අපේ සමහර බ්ලොග් අඩවි කරුවන් පොඩි එවුන් වගේ වැඩ කරනකොට කොහොමද අප්පා මං බලාගෙන ඉන්නේ... ... හැමෝම දන්නවනේ අපිට ඔය ප්‍රීමියම් තීම් ගන්නවත්,සල්ලි ගෙවලා බ්ලොගයට වැඩ කෑලි දාගන්න උවමනාවක් නෑනේ.ඒත් බොහෝ අය ඒව අපිට ෆ්රී දෙනවා එයාලගේ ඇඩ් එකකුත් එක්ක..මෙහෙම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙන සයිට් එකක් තමයි http://www.flashvortex.com කියන්නේ..අනේ ඉතින් මෙයාලා අපි ගැන හිතලා අපිට නොමිලේම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙනවනේ..බලන්නකෝ කොච්චර හොදයිද කියලා..කිසිම ලෝබකමක් නෑ ..ඒත් ඉතින් වැඩේ තියෙන්නේ නොමිලේ හදන ඒවට එයාලගේ සයිට් එකට ලින්ක් එකක් දානවනේ.. ඒක ටිකක් චාටර්ර්ර්ර්ර් නේද?




ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™
Hathmaluwa

බ්ලොගයේ විස්තර

free counters