Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
Sunday, December 27, 2009
අද මම කියලා දෙන්න යන එක හැබැයි වැදගත් වෙන්නේ තමන්ගෙම බ්ලොග් එකක් තියෙන අයට විතරයි.මුලින්ම කියන්න ඕන" Favicon "කියන වචනේ සිංහල තේරුම නම් මම දන්නේ නෑ.මෙන්න මේකට තමයි Favicon කියන්නේ.බලන්නකෝ.දැනට ඔයාලගේ තියෙන්නේ මෙන්න මේකනේ.
දැක්කා නේද? දැන් Favicon කියන්නේ මොකේටද කියලා? ඔන්න ඔය කියන එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න ඕනෙ කියලා හිතෙනවනම් මේක කියවලා බලන්න.
මෙහෙමයි.මේකට බොහොම අමාරු විදිත් තියෙනවා.අපි ෆොටෝ එකක් හදලා ඒක .ico ෆයිල් එකක් කරලා ඒ ෆයිල් එක මොකක් හරි සයිට් එකකට අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක අරගෙන වෙන ලින්ක් එකක් එක්ක සම්බන්ද කරලා අපේ බ්ලොග් ටෙම්ප්ලීට් එකේ HTML එකට පේස්ට් කරන එක.මේවා අමාරු වැඩ නම් නොවුනට මහ එපා වෙන වැඩනේ නේද?.මෙන්න එහෙනම් ලේසිම ක්‍රමය.
මම මේ හොයාගත්ත වෙබ් සයිට් එක ඇත්තටම අපේ බාසාවෙන් කිව්වොත් එලමකිරි වෙබ් සයිට් එකක්.මොකද එයාලා මේ මොනවත් කරන්න කිසිම මුදලක් අයකරනවා තියා අපිට මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නවත් කියන්නේ නෑ.ඒකයි මම කිව්වේ එළමකිරි සයිට් එකක් කියලා.
දැන් මෙහෙමයි.මේකේ විදි දෙකක් තියෙනවා.
1)එකක් තමා ඔයලගේ පරිගණකයේ තියෙන පින්තූරයක් මේ සයිට් එකට අප්ලෝඩ් කරලා ඒක ඔයලගේ බ්ලොග් එකේ Favicon එක විදිහට භාවිතා කිරීම.
2)අනිත් විදිහ තමා මේ සයිට් එකේ තියෙන එකක් අපේ බ්ලොග් එකේ Favicon එක විදිහට භාවිතා කිරීම.(මේකෙත් ලස්සන ඒවා තියෙනවා)
මුලින්ම 1 කරන විදිහ කියල දෙන්නම්......
1)මුලින්ම මේ ලින්ක් එකට යන්න.
http://www.iconj.com/icon_generator.php
http://www.iconj.com/animated_favicon.php2)ඔතනින් ඔයාලට කැමති Favicon එකක් තෝරගෙන ඒ Favicon එක උඩ ක්ලික් කරන්න.
http://www.favicon.cc
Thursday, December 24, 2009
ලිව්වේ- ♠GaŋGster♠™ ->> Greetings
♪♫•*¨*•.¸¸♥ ¸¸.•*¨*•♫♪ ඔයාලා හැමෝටම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා !! කියලා මම ප්‍රාර්ථනා කරනවා ♪♫•*¨*•.¸¸♥ ¸¸.•*¨*•♫♪
ඔන්න අපිත් එකතු වුනා...
මෙන්න සතුටු ආරංචියක්.මීට දින කීපයකට කලින් Hacking පංතිය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කරුවන්ගේ සින්ඩියට පැනගත්තා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ.ඒක නිසා ඔන්න ඉතින් තව හොද හොද වැදගත් දේවල් ගොඩක් ඉස්සරහට මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා..
අරඹලා මාසයයි.....
ඒ වගේම කියන්න සතුටුයි ඊයෙට Hacking පංතිය බ්ලොග් අඩවිය අරඹලා හරියටම මාසයයි.ඔබ සැම මේ වෙනකොට 2000 කට ආසන්න වාර ගනනක් අපේ බ්ලොග් අඩවිය පරිශීලනය කරලා තියෙනවා.එමෙන්ම අපේ කල්ලියේ සමාජිකයෝ 22 නෙකුත්,බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකේ සාමජිකයෝ 40කුත් ඉන්න බව මේ වෙලාවේ සතුටින් කියන්න කැමතියි.මේ සඳහා මට උදව් කරපු හැම කෙනෙක්ටමත් මේකට යන එන ඔයාලා හැමෝටමත් බොහෝම ස්තුතියි..
Monday, December 21, 2009
ලිව්වේ- ♠GaŋGster♠™ ->> Entertainment, Wallpapers
මම මේ අන්තර්ජාලයේ සැරිසරද්දී තමයි මට මේ ටික හම්බ වුනේ...ඉතින් මම හිතුවා මේ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.බලන්නකෝ...මරු වෝල් පේපර් ටික..රෙසොලූෂන් එක මම හිතන්නේ 1920px x 1200 px.මාර කොලිටියක් තියෙන්නේ.අරගෙනම බලන්නකෝ..
Wednesday, December 16, 2009
ලිව්වේ- ♠GaŋGster♠™ ->> Mobile Phones, Tips
මේ දවස් වල මැච් එකත් තියෙනවා නේද?මැච් එක බලන්න කියලා ඉතින් ගෙදර ඉන්න පුලුවන්ද නේද? කොහොමද යන එන ගමන් ෆෝන් එකෙන් ටී.වී.බලන්න තිබ්බොත්.ඕක ඉතින් කියන්න දෙයක්ද? නේද? ඒත් අවුල තියෙන්නේ අම්බානක සල්ලි කැපෙන එකනේ.ඔන්න මගෙන් ඒකට විසදුමක්."මොබිටෙල්" පාවිච්චි කරන අයට තමයි මේක කරන්න පුලුවන්."ඩයලොග්" නම් මම උත්සහ කලා.ඒත් වැඩ කලේ නෑ.අනිත් නෙට්වර්ක්ස් නම් මම බැලුවේ නෑ.ඔයාලා චෙක් කරලා බලන්න අනිත් ඒවටත් මේක වැඩද කියලා.වැඩනම් ඉතින් හැමෝටම දැන ගන්න කොමෙන්ට් එකකින් දාන්න.
මුලින්ම කියන්න ඕන මේ සඳහා ඔයාලගේ ජංගම දුරකථන්යේ ජී.පී.ආර්.එස්. පහසුකම හා ජී.පී.ආර.එස්. සෙටින්ග්ස් තියෙන්න ඕන.මෙහෙමයි වැඩේ!!.එච්චර දෙයක් නෑ...මම මේ දෙන ලින්ක් එක ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ සාමන්‍ය වෙබ් පිටුවකට යනවා වගේ ඇතුල් වෙන්න.ඒතකොට ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ ප්ලේයර් එක විවෘත වෙන්න අහයි.(උදා:-Nokia නම් Real One Player). වීඩියෝ ප්ලේයර් එක විවෘත වුනාට පස්සේ ඔයාලට නිදහසේ නොමිලේ ටී.වී. බලන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක-->>
rtsp://192.168.97.49/Chanel.sdpමේ ලින්ක් එකේ Chanel කියලා තියෙන තැනට ඔයාලට බලන්න ඕන චැනල් එකේ නම පහත තියෙන විදිහට ටයිප් කරන්න.
1)arttv
2)derana
3)eye
4)itn
5)maxtv
6)rupavahini
7)swarnawahini
Wednesday, December 9, 2009
ඔන්න මම ඔයාලට තෑග්ගක් දෙන්නයි යන්නේ.ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම විසඳුම.
1-ක්‍රමය(ටිකක් අමාරු වැඩක් වගේම එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි)
අපේ ප්‍රසාද් කොලුවා තමයි මට මේ ක්‍රමය කිව්වේ.
මෙහෙමයි..ෆේස්බුක් ගිහිල්ලා එකේ ඇප්ලිකේශන් කීපයක්ම විවෘත කරලා ජාලයේ වේගය ටිකක් අඩු උනාම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරන්න.එතකොට ගෙදර,බලු කූඩුව වගේ ඒවා එන්න ටිකක් පරක්කු වෙනවා.එතකොට ඉතින් තියෙන්නේ ටක් ටක් ගාලා ඒවා ලෝඩ් වෙන්න කලින් හොරකම් කර ගන්න එක තමා.
2-ක්‍රමය(ලේසිම ක්‍රමය සහ සාර්ථකම ක්‍රමය)
මේක නම් ඉතින් මගේම සොයාගැනීමක්.මට මේක හිතුනේ අද හවස බස් එකේ ගෙදර එන ගමන්.(මටත් හිතෙන දේවල්.අනේමන්දා මට මේක කොහොම හිතුනද කියලා.ඒක දන්නේ ඉතින් උඩ ඉන්න දෙයියෝ තමයි) ඇයි යකෝ..දුප්පත් අපිට හොරකම් කරන්න වත් ක්‍රමයක් නෑනේ.ඉතින් ගෙදර ආපු ගමන් මම කලේ මේක තමා.මෙන්න බොලේ මම හිතපු විදිහටම වැඩේ කරන්න පුළුවන්.හිතපු විදිහටම කිව්වට එහෙමමත් නෙවේ.මම හිතුවේ උනාම ගෙදර අස්සෙන් ගෙඩි කඩන්න සිදුරු එහෙම තියෙනවද බලන්න.එහෙම නම් නෑ.ඔන්න ඒ වෙලාවේ තමයි මම මේක දැක්කේ.මට මාර සතුටක් දැනුනේ.ඇයි ඉතින් අර තෝමස් එඩ්සන් අන්කල් බල්බ් එක හොයාගත්තා වගේනේ.ගොඩක් පාරක් ට්‍රයි කරලලුනේ හොයා ගත්තේ.ඒ වගේ මාත් මේ හොරකම් කරන්න ක්‍රමයක් හොයන්න කී පාරක් කට්ට කෑවද? ඕහ්...අන්තිමේදී ඔන්න මම කොහොම හරි හොයාගත්තා.
දැන් ඉතින් කථා නැතුව වැඩේට බහිමුකෝ.
1-පියවර)මුලින්ම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරලා පාත්තිය උඩින් ගෙදර දාලා තියෙන කෙනෙක්ගේ වත්තකට යන්න.
2-පියවර)මේක ෆ්ලෑෂ් ඇප්ලිකේශන් එකක් හින්දා මේක උඩ දකුණු මවුස් බොත්තම ඔබලා එකපාරක් Zoom In කරන්න.එතකොට මෙන්න මෙහෙම පොඩි තීරුවක් වෙනම පේනවා.ඒ තීරුව ගේ හරියට එන විදිහට මවුස් එකෙන් එහා මෙහා කරන්න. ඒකෙන් පෙන්නන්නේ ගෙදරට වැහිලා තියෙනේ මොනවද කියලා.
දැන් මවුස් එකෙන් එහා මෙහා කරන්න.පහල පින්තූරේ විදිහට..
3-පියවර)දැන් ඉතින් මවුස් එකෙන් එහා මෙහා කර කරා පුලුවන් තරම් හොරකම් කරගන්න තමයි තියෙන්නේ.
ඔන්න කියවලා කොමෙන්ට් එකක් දාලම යන්න.ප්‍රශ්ණ තියෙනවනම් ඒවත් දාන්න.