Hacking පංතිය.: March 2010

වෙනත් අයෙකුගේ IP ලිපිනය හොයමුද?


සමහරු කිව්වනේ හැකින් පන්තියේ හැකින් අඩුයි කියලා.ඉතින් මම හිතුවා දැන් ටික ටික හොද වැඩ ටිකක් ඔයාලට දෙන්න.එක පාරටම ඔක්කොම කියන්න අමාරුනේ.අපි හිමීට වැඩ වලට බහිමු.අද කියන්න යන්නේ ටිකක් අමුතු වැඩක්.ඔයාල දන්නවනේ ජාලෙට සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ජාලය ඇතුලේ තමන්ටම කියලා ලිපිනයක් තියෙනවා කියලා.ඒක තමයි Internet Protocol නොහොත් IP කියන්නේ(වැරදි නම් නිවැරදි කරන්න හොදේ).උදාහරනයක් විදිහට අපි නිවසක ලිපිනයක් ගනිමු.අපි ඒක දන්නවනම් අපිට ඕන නම් ඔය ගෙදර ඉන්න එකාට දෙකක් තුනක් ඇනලා උනත් එන්න පුලුවන්නේ.(එතකොට උගේ ගමේ එවුන් ගෙන් ගුටි කන එක වෙන කථාවක් :P :P)ඒ වගේ තමයි අපි කාගේ හරි එක IP දන්නවනම් ඒ වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්.

මම කියලා දෙන්න යන්නේ ඔන්න ඔය අයි.ඵී. ලිපිනය හොයාගන්න එක ක්‍රමයක්.තව ක්‍රම ගොඩාක් තියෙනවා.නමුත් මට හිතුනා මේක ටිකක් පහසුයි කියලා.

හැබැයි ඉතින් මේක හොයාගත්තට ලංකාව ඇතුලත නම් පොඩි අවුලක් තියෙනවා.මොකද අපි අපේ මොඩම් එක හෝ රවුටරේ ඕෆ් කරලා ඔන් කරපු ගමන් අපේ අයි.පී. එක වෙනස් වෙනවනේ.දුක තමා.ඒක අපේ ජංජාල ජාලේ හැටි.අනිත් බොහෝ රට වල නම් එහෙම නෑ කියලා මම අහලා තියෙනවා.ඉතින් දැන් කියන්න තියෙන්නේ අපි කාට හරි මොකක් හරි වැඩක් දෙන්න යනවනම්(ලංකාව ඇතුලත) අපි එයාගේ අයි.පී එක හොයා ගත්තනම් එයා පරිගණකය වහන්න කලින් අපිට අපේ ඉතුරු වැඩ ටිකත් කරගන්න වෙනවා.

මෙහෙමයි. ඔයාලගේම වෙබ් අඩවිය භාවිතා කරලා මේක කරන්න පුලුවන්.(බ්ලොග් වල නම් බෑ).එහෙම නැත්තම් ඔය ඕන තරම් නොමිලේ වෙබ් අඩවි හදාගන්න දෙන අඩවි තියෙන්නේ ඒකක රෙජිස්ටර් වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්.හැබැයි ඒක PHP ගොනු අප්ලෝඩ් කරන්න අවසර තියෙන එකක් වෙන්න ඕනේ.

උදාහරන-

www.t35.com
www.110MB.com

1-මෙතනින් මේ සඳහා අවශ්‍යය PHP ගොනුව(2 Kb) බා ගන්න.පොඩී ෆයිල් එකක්.


අහ්හ්..කියන්න අමතක උනානේ.මේ කියලා දෙන්න යන්නේ තමන්ගේම වෙබ් අඩවියක් නැති අයටයි.තියෙන අයට ඕන නම් එයාලගේ වෙබ් අඩවියේ වෙනම පේජ් එකක් විදිහට දාන්නත් පුලුවන් වගේම මේකේ කෝඩ් එක අරගෙන මුල් පිටුවෙම හන්ගන්නත් පුලුවන්.

2-දැන් තියෙන්නේ ඔය කියන නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවියක අපේ ගිනුමට අපි බාගත්ත Index.php කියන ගොනුව අප්ලෝඩ් කරන එක.



3-දැන් අපේ ගිනුම රෙජිස්ටර් වෙලා තියෙන ඩොමේන් එකට ගියම මෙන්න මේ විදිහට අයි.ඵී.එක පේනවා.ඒත් සමගම ඒ යන කෙනාගේ අයි.පී. එක අපේ ගිනුමේ වෙනම Text ගොනුවක තැන්පත් වෙනවා.අයි.පී.එකට අමතරව එයා අපු වෙලාව,කී සැරයක් ආවද,අවසානෙට ආවේ කීයටද මේ විස්තර ඔක්කොම අපිට ලබාගන්න පුලුවන්.


ඔයාලට තියෙන්නේ IP එක දැනගන්න ඕන කෙනාට ඔයාලගේ වෙබ් අඩවියේ ලින්ක් එක දීලා ඒකට යන්න කියන එක විතරයි.

ඕක ඔය තියෙන විදිහට ගෙඩිය පිටින්ම දාන්නේ නැතුව අපි මොකක් හරි පේජ් එකක් හදලා ඒකේ හන්ගලා දැම්මනම් ඕකට යන කෙනාට සැක හිතෙන්නේ නෑ.

නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවි ගැන වැඩිය දන්නේ නැත්තම් මේ වීඩියෝ ටික බලන්න.මේකේ තියෙන්නේ අර මම උදාහරන විදිහට කිව්ව අඩවි වලින් T35 කියන අඩවියේ ගිණුමක් ආරම්භ කිරීම,ගොනු අප්ලෝඩ් කිරීම වගේ දේවල්.දන්නේ නැත්තම් බලන්න.

http://www.youtube.com/watch?v=Dps2isMO5t8
http://www.youtube.com/watch?v=vVIe9BHMi2c
http://www.youtube.com/watch?v=j7KcL72BOf0
http://www.youtube.com/watch?v=zvuwh85WHdA

දැන් සමහරු හිතයි ඕක දැනගෙන මොන ලබ්බක් කරන්නද කියලා..හික්ස්.. :P කියලා දෙන්නම්කෝ නියම වැඩක්.මම ගිය පාර පෝස්ට් එකේ කිව්වේ නියම වැඩක් කියලා දෙනවා කියලා.මේ එකේ මූලික පියවර.

කියවලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ..තව මොනා හරි අවුල් තියෙනවනම් ඒවත් කොමෙන්ට් වල දාන්න..පුලුවන්නම් මූනුපොතේ කස්ටියත් එක්ක බෙදා හදා ගන්න ෆේස්බුක් ෂෙයා(ර්) එකකුත් දාන්න.. :-)

බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි






මම අද මේ කථා කරන්න යන්නේ වින්ඩෝස් එකස්.පී පරිශීලකයන් ගොඩාක් දෙනෙක් මේ වන විට මුහුන දුන්නු ප්‍රස්නයක් ගැන.

බොහෝ විට අපි පරිගණකය භාවිතා කරද්දි ඔයා ටාස්ක් මැනේජර් කියන එක අපිට බොහෝම වැදගත් වෙනවනේටාපි ඒක ඕපන් කරගන්නේ (වින්ඩෝස් එකස්.පී) යතුරු තුනම එකට ඔබලනේ.ඒත් මේ වයිරස් එකක්ද මොකක්ද හින්දා සමහර වෙලාවට අපිට මෙන්න මෙහෙම පණිවිඩයක් දිස් වෙනවා.


පණිවිඩයේ කියවෙනේ "බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි" කියලනේ.ඕවට තමයි ඉතින් තද වෙන්නේ..ඇයි යකෝ අපේ එකට වෙන බළධරයෝ කොහෙන්ද.මොකද ඉන්න එකම එකා අපිනේ.(පුද්ගලික පරිගණක වල).ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේක කොහොමද අයින් කරගන්නේ කියලා.

1 ක්‍රමය-

මේක නම් ටිකක් ලේසියි වගේ.මම පහත දීලා තියෙන ඇඩ්‍රස් එක ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා එකේ මම දුන්න එක කොටලා එන්ටර් යතුර ඔබන්න.[මම දුන්න එක කොපි කරලා(කොපි කරා කියලා මම ලකුණු කපන්නේ නෑනේ ඒ හින්දා අවුලක් නෑ :P) රන් එකට ගිහින් පේස්ට්(අලවන්න :P) කරන්න.]


REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f


2 ක්‍රමය-

*ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා Regedit.exe කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
*එතකොට වින්ඩෝස් වල රෙජිස්ට්‍රාර් කාර්යාලය :P විවෘත වෙනවා.
*ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.


HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies\ System

*ඔතන ඇති DisableTaskMgr කියලා අගයක්.
*ඒක මකලා දාන්න.ඊට පස්සේ රෙජිස්ට්‍රාර් කාර්යාලය වහලා දාන්න. :-)


3 ක්‍රමය-

*ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා gpedit.msc කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
*එතකොට ඔන්න පොලිසියක්ද මොකක්ද විවෘත වෙනවා කියන්නේ(පොලිස් කිව්වට බය වෙන්න එපා.:P පොලිස්ම නෙවි.හික්ස්..)
*ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.


User Configuration / Administrative Templates / System / Ctrl+Alt+Delete Options / Remove Task Manager

*එතන තියෙන Remove Task Manager
කියන එක විවෘත කරලා එකේ Disabled කියන විකල්පය තෝරන්න.
*ඊට පස්සේ ඉතින් ඇප්ලයි ඕකේ කරලා ඒක වහලා දාන්න.


ඔහොම කරලා බලන්නකෝ වැඩේ අනිවා හරි යයි.ඔන්න ගිය සැරේ වින්ඩෝස් 7 තමයි කස්ටිය වැඩියෙන් පවිච්චි කරන්නේ කිව්වාම ශාකුන්තල අයියා මගේ ඇඟට පැන්නනේ(හික්ස්.. :P) ඒක නිසා මම හිතුවා මේ සැරේ වින්ඩෝස් ‍එක්ස්.පී.ගැන පොඩ්ඩක් කථා කරන්න.ආහ්...කියන්න අමතක උනා.සමහරු කියනවනේ හැකින් පන්තිය උනාට හැකින් අඩුයි කියලා.ඔන්න ලගදිම හොද වැඩක් බලාපොරොත්තු වෙන්නකෝ.තාම ඒක අත්හදාබැලීමේ තත්වයේ තියෙන්නේ.මේක පොඩි ලාබාල හැකින් වැඩක් නෙවෙයි.එළකිරි වැඩක් කිව්වොත් හරියටම හරි.ඒ වගේම හැකින් වැඩ කරන අයට වැදගත් වෙන සේවාවක් පටන් ගන්නත් අදහසක් තියෙනවා..වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්කෝ...

කියවලා බලලා කොමෙන්ට් එකකුත් දලා යන්න.සමහර අයට දැන් වැදගත් නැති උනාට කවදාහරි මේක වැදගත් වෙයි. :-).

Sims 3 මූණුපොත ආක්‍රමනය කරයි



ඔන්න ඊයේ මම මූණුපොත එකේ ආතල් එකේ ඉද්දි මට නොටිම නෝටි නෝටිෆිකේෂන් එකක් එනවා මගේ යාලුවෙක් මාව පොටෝ එකකට ටැග් කරා කියලා.ඉතින් මම මගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලද්දි කිසිම පොටෝ එකක් නෑ.මොකද වෙන වෙලාවට නම් ඉතින් කවුරු හරි අපිව ටැග් කරාම එ පොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ වැටෙනවනේ.දැන් ඉතින් මොකද කරනේ.මෙන්න බොලේ ඒ පාර එක දිගට එනවා අර මනුස්සයා මාව පොටෝ එකක ටැග් කරාලු එයාම එකේ කොමෙන්ට් කරා කියලා.ඉවරයක් නෑ.


මාත් ගිහින් බැලුවා ඔය කියන පොටෝ එකකට.මේ තියෙනේ බඩු.කොමෙන්ට් එකට දාල තියෙන්නේ ඇප්ලිකේෂන් එකක ලින්ක් එකක්.


ෂුවර් එකටම ඕක එක පොටෝ එකකට විතරක් මාව ටැග් කරලා දාල තිබ්බනම් මාත් අනිවා ඔයා ඇප්ලිකේෂන් එක විවෘත කරනවා.ඒත් මෙච්චර කෙටි කාලයක් ඇතුලත මෙහෙම ටැග් කරන්නයි කොමෙන්ට් කරන්නයි මනුස්සයෙකුට නම් බෑ කියලා මට වෙලාවට හිතුනා.ඊට පස්සේ මම පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා.හොයද්දි තමයි බඩු හම්බුනේ.මේකට මීට කලින් අහුඋන අය එයාලගේ අත්දැකීම් ජාලෙට දාල තිබ්බා.ඒවයි මගේ අත්දැකීමුයි හරියටම ගැලපෙනවා.

මේ ෆේස්බුක් වෛයිරසයේ නම Sim 3 මෙයා කරන්නේ කවුරු හරි ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරපු ගමන් මොකක් හරි පොටෝ එකක් අරගෙන එයාගේ යාළුවන්ව ටැග් කරනවා.ඊට පස්සේ අර ඇප්ලිකේෂන් එක විවෘත කරපු පුද්ගලයා කොමෙන්ට් කරන විදිහට වෛරසය ඒ ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක දාල කොමෙන්ට් එකක් හෝ කීපයක් දානවා.කවුරු හරි ඒ ලින්ක් එක උඩ ඔබලා ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරොත් එයාටත් වෙන්නේ මේ වැඩේමයි.මෙහෙම මෙහෙම මේක දිගටම පැතිරෙනවා.

ආරංචියේ හැටියට මේ වෛරසය මූණුපොත තුල පැය 48 ක පමන කාලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා.මට තියෙන පුරස්නේ නම් මේක අ පැය 48 ක් පමණ කාලයක් ලෝකය පුරාම පැතිරෙනකම් මූණුපොතේ වගකිවයුත්තෝ බිත්තර රැක්කද කියන එකයි. :D

ඔයලටත් එහෙම පුරස්න එහෙම ඇතිනේ.ඒවත් මෙතන දාලා යන්න.නැති උනත් කමක් නෑ ඉතින් කොමෙන්ට් එකක් දාලා යන්න. :-)

වින්ඩෝස් 7 ගැටළු පටිගතකරනය ගැන දන්නවාද?



දැන් ගොඩක් කස්ටියක් භාවිතා කරන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියනේ.මේ වින්ඩෝස් 7 වල අපි නොදන්න බොහෝ දේ හැංගිලා තියෙනවා.එහෙම මෘදුකාංගයක් ගැන තමා මම අද කියන්න යන්නේ.මේක හඳුන්වන්නේ "Problem Steps Recorder" කියලා.මම ඉතින් ඒක අපේ මව් බාසාවට පරිවර්ථනය කරේ "ගැටළු පටිගතකරනය" කියලා.එහෙම කරද්දි "Steps" කියන මගහැරුනද කියලත් මට වෙලාවකට හිතෙනවා.ඒකත් දාලා "ගැටළු පියවර පටිගතකරනය" කියලා දැම්මොත් ටිකක් චා කියලා හිතුන නිසා තමයි ඔහොම දැම්මේ.



දැන් කථා කරා වැඩියි වගේ නේද? අපි බහිමු වැඩේට.සමහර අය මේක ගැන දන්නවත් ඇති.කමක් නෑ.දන්නේ නැති අයට අපි කියලා දෙමු.


මම ඉස්සෙලාම මේක ගැන හැදින්වීමක් දෙන්නම්......

මෙහෙමයි..මේ මෘදුකාංගය කරන්නේ අපි පරිගණකය භාවිතා කිරීමේදී අපි ගන්න පියවර වල් ස්ක්‍රීන් ෂොට් මගින් පටිගත කරගන්න එක.උදාහරනයක් විදිහට මෙයා, අපි මවුස් එක ක්ලික් කරන හැම වෙලාවකදිම ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නවා.අපිට මේක ප්‍රයෝජනවත් වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථා දෙකේදි තමයි.


1)පරිගණකයේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්ණයක් ආවම අපිට කාගෙන් හෝ උදව්වක් ගන්න මේ මෘදුකාංගය භාවිතා කරගන්න පුලුවන්.

2)අපිට පරිගණකය හසුරවන්න වැඩිය දන්නේ නැති කෙනෙක්ට මොකක් හරි කියලා දෙන්නත් මේක භාවිතා කරන්න පුලුවන්.

මම පලමු එක පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට දෙවෙනි එක කරන්නේ කොහොමද කියලා වැටහෙයි.

උදාහරන- අපි හිතමු මගේ පරිගණකයේ පොටෝෂොප් විවෘත කරන්න යද්දි මොකක් හරි Error එකක් එනවා කියලා.ඒක විසදගන්න අපි දන්නේත් නැත්තම් අපි මොකද කරන්නේ.අපිට දන්න කෙනෙක්ගෙන් අහන්න වෙනවා.ඒකනේ ඉතින් එපා වෙන්නේ.මොක්ද අපි ඉතින් දැන් අර මනුස්සයට මේ ඔක්කොම විස්තර කරන්න එපැයි.අනික සමහර විට අවුල තියෙන්නේ පොටොෂොප් වල නැතුව අපි ඒක භාවිතා කරන්න උත්සහ කරන විදිහෙද දන්නේත් නෑනේ.දැන් ඉතින් අපි කොහොමද අර වැඩ දන්න කෙනාට අපේ විස්තරේ කියන්නේ.මම නම් ඉස්සර කරේ මම ප්‍රින්ට් ස්ක්‍රීන් අරගෙන අර කෙනාට යවනවා.නමුත් වින්ඩෝස් 7 වල අපි එහෙම කරන්න ඕන නෑ.මේ මෘදුකාංගය මගින් අපි කරන පියවර සියල්ලම ඔටෝ ම ප්‍රින්ට් ස්ක්‍රීන් අරගෙන අපිට ඒක සිප් ගොනුවක් විදිහටම අරගෙන දෙනවා.බලන්න කොච්චර ලේසි වැඩක්ද කියලා.

දැන් අපි බලමු කරන විදිහ. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි...

1 පියවර- ස්ටාර්ට් මෙනු එකේ PSR කියල ටයිප් කරලා එන්ටර් යතුර ඔබලා ඔයාලට මේ මෘදුකාංගය ඕපන් කරගන්න පුලුවන්.


2පියවර-දැන් Start Record කියන බොත්තම ඔබලා ඔයාලට අවශ්‍ය තැනට යන්න.(මගේ උදාහරනයේ හැටියට නම් මම දැන් පොටොෂොප් විවෘත කරනවා) එතකොට මේ මෘදුකාංගය මගින් පියවරෙන් පියවර ස්ක්‍රීන් ෂොට් ගන්නවා.විශේෂයෙන් අපි මවුස් එක ක්ලික් කරන තැන් වල.


3 පියවර-දැන් අපි අපේ ගැටලුව තියෙන තැන පසු උනාම Stop Record බොත්තම ඔබලා පටිගත වෙන එක නවත්වනවා.

4 පියවර-ඊට පස්සේ එයා මේ ගොනුව කොතනටද ගබඩා කරන්න ඕන කියලා අපෙන් අහනවා.අපි කැමති තැනක් දුන්නට පස්සේ සිප් ගොනුවක් විදිහට සේව් වෙනවා.

5 පියවර-දැන් මේ ගොනුව අපිට ගැටලුව ගැන අහගන්න ඕන පුද්ගලයට යවන්න පුලුවන්.මේකේ හරිම පැහැදිලිව විස්තරේ තියෙන හින්දා එයාට ගැටලුව විසදන්න ලොකු පහසුවක් වේවි.

6 පියවර-එයාට තියෙන්නේ මේ සිප් ගොනුව අන්සිප් කරලා ඇතුලේ තියෙන MHT ගොනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා භාවිතයෙන් ඕපන් කරන්න.එතකොට හරිම පැහැදිලිව අපි මවුස් බොත්තම ඔබපු තැන් වෙලාව සමග ස්ක්‍රීන් ෂොට් විදිහට බලාගන්න පුලුවන්. ඒ වගේම ඊට පහලින් ඒ සියල්ල ලොග් එකක් විදිහටත් පෙන්නනවා.





ඔන්න ඕක තමා වැඩේ.ඉතින් අපිට මේකම භාවිතා කරන්න පුලුවන් කාට හරි මොනා හරි දෙයක් කියලා දෙන්න උනාම.අපි Manually ස්ක්‍රීන් ෂොට් ගන්න වෙහෙසෙන්නේ නැතිව ඉතා ඉක්මනින් හරිම පැහැදිලිව එයාට ස්ක්‍රීන් ෂොට් මගින් කියලා දෙන්න පුලුවන්.

ඔයාලත් කරලා බලන්න.මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා.කියවලා බලලා කොමෙන්ට් එකකුත් දාලම යන්න.තව මොනා හරි ප්‍රශ්ණ තියෙනවනම් ඒවත් කොමෙන්ට් වලම දාන්නකෝ....

ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™
Hathmaluwa

බ්ලොගයේ විස්තර

free counters