පෙන් (USB Flash Drive) එක RAM එකක් විදිහට භාවිතා කරමුද?


ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ...එහෙම හිතලා පෙරේදා දාන්න ගියපු මේ පෝස්ට් එකටත් කෙල උනා.. දැන් මේ දෙවෙනි සැරේට මේ පෝස්ට් එක ලියන්නේ...හ්ම්ම්...අපේ ෆේස්බුක් පාඨක පිටුවේ මම මෙහෙම දැම්මේ අගෝස්තු 6 වෙනිදා...

"You wanna speed up ur computer? Keep in touch with us...ඔබේ පරිගණකය වේගවත් කරගැනීමට අවශ්‍යයද? රැඳී සිටින්න අප සමඟ... :)"

එදාම හවස පෝස්ට් එක දාන්න හිටියත් බැරි උනේ සම්පූර්ණ පෝස්ට් එකම ලියලා ඉවර උනාට පස්සේ මගේ අතින් ඒක ඩිලීට් උන නිසා...ඊට පස්සේ අයෙත් ඒකම ලියන්න කම්මැලි හිතුනා..ඒත් දැන් එහෙම දාපු හින්දා පෝස්ට් එක නොදාත් බෑනේ..අනික ඊයේ ද කොහෙද මං දැක්කා වෙන බ්ලොග් අඩවියක මේ ගැන කියල තියෙනවා. ..හැබැයි ඔන්න මං එයාලගේ එක කොපි කරේ නම් නෑ ..ඒකට මගේ පාඨක පිටුව සාක්ෂි දරනවා..

කථා ඇති නේද...බහිමු වැඩේට....


මුලින්ම පහලම තියෙන විශේෂ නිවේදනය බලලම වැඩේ පටන් ගන්න හමෝම....

මූලිකව මේ ගැන මම හැඳින්
වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..


Related Posts Widget For Blogger with ThumbnailsBlogger Widgets

වෙනත් අයෙකුගේ Skype චැට් History ය බලමුද?




ඔන්න අද දෙන්න යන්නේ ටිකක් අමුතු වැඩ කරන්න කැමති කට්ටියට ටිකක් හිතට වදින මෘදුකාංගයක්..මටත් මේ ගැන දැන ගන්න ලැබුනේ ශශික (මචන් ඔන්න නම දාන්න කියපු හින්දා දැම්මා හොදේ..හික් හික්...) කියල මගේ යාලුවෙක්ගෙන්...එයා ස්කයිප් එකේ අපි යාලුවෙක් ඇඩ් කරගත්තු දවස හොයන්න පුලුවන් විදිහක් තියෙනවද කියල හොය හොයා යද්දි තමා මේක දැකලා තියෙන්නේ..(ඔන්න ඒක කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න..ලොකු උදව්වක් වෙයි එයාට) ...

මෙහෙමයි....මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම්කෝ මේ මෘදුකාංගය ගැන...

බ්ලොග්කරුවකුගේ නික්ම යාම !!



හිත් හොඳ මිනිසුනුයි හැමවිට ඉක්මන් වන්නේ..

දිවියෙන් දිවිය නිමවී මේ සසරත් කෙටි වන්නේ..

ඔබ කල සේවය අප හදවත් තුල රැව්දෙන්නේ...

ඉතින් අවසරයි සමුදෙන්නට බ්ලොග්කරුවානේ !!


තම තම නැණ පමණින් සිංහල බ්ලොග් අඩවිය රචනා කල කුමුදු ලාල් පින්තු මහතා හදිසියේම අප අතරින් වෙන්වූ බව මා දැන්ගත්තේ තවත් බ්ලොග් අඩවි කිහිපයකිනි..ඇත්තෙන්ම එක වරම "තම නැණ පමණින්" බ්ලොග් අඩවිය කියූ පමණින් මට මතකයට නොආවත් මම එම බ්ලොග් අඩවියට ගිය සැනින් මට එය හුරු පුරුදු අඩවියක් බවට වැටහුණි..එහි සෑම පෝස්ට් එකක්ම මම කියවා නැති මුත් තුන හතරක් නම් අනිවාර්‍යයෙන්ම කියවා ඇත..


මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3ක්..



හායි...කට්ටියට කොහොමද..?..ඔන්න අද ගැන්ස්ටර් ආවේ මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3 ක් අරගෙන...ඔක්කොමලා ඇවිත් බලන්නකෝ මේ මොනාද කියලා... :)..වැඩිය කථා ඕන නෑනේ..

1)පෝර්ටබල් මෘදුකාංග හදන මෘදුකාංගය.
2)පොටෝ කලෙක්ෂන් එකක් ලස්සනට හදා ගන්න පුලුවන් මෘදුකාංගයක්.
3)බොරු හඬක්(Fake Voice) මෘදුකාංගය.

දැන් ටිකක් විස්තර ඇතුවම බලමු....


Flash (Banners,Menus,Buttons,Text) අඩවියට දාමුද?




මේවා ඉතින් දැනගත්තාම ගොඩක් අය නම් කියලා දෙන්නේ නෑ..ඒත් අනේ අපේ සමහර බ්ලොග් අඩවි කරුවන් පොඩි එවුන් වගේ වැඩ කරනකොට කොහොමද අප්පා මං බලාගෙන ඉන්නේ... ... හැමෝම දන්නවනේ අපිට ඔය ප්‍රීමියම් තීම් ගන්නවත්,සල්ලි ගෙවලා බ්ලොගයට වැඩ කෑලි දාගන්න උවමනාවක් නෑනේ.ඒත් බොහෝ අය ඒව අපිට ෆ්රී දෙනවා එයාලගේ ඇඩ් එකකුත් එක්ක..මෙහෙම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙන සයිට් එකක් තමයි http://www.flashvortex.com කියන්නේ..අනේ ඉතින් මෙයාලා අපි ගැන හිතලා අපිට නොමිලේම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙනවනේ..බලන්නකෝ කොච්චර හොදයිද කියලා..කිසිම ලෝබකමක් නෑ ..ඒත් ඉතින් වැඩේ තියෙන්නේ නොමිලේ හදන ඒවට එයාලගේ සයිට් එකට ලින්ක් එකක් දානවනේ.. ඒක ටිකක් චාටර්ර්ර්ර්ර් නේද?




සින්ඩි සහ කැපිලි !!!



සින්ඩි.....හ්ම්ම්ම්....නියම ටොපික් එක...කියන්න දේවල් නම් ගොඩායි...ඒත් ඉතින් කියලා වැඩක් නෑනේ...දැන් කට්ටියම බලනවා ඇති අලුත් හැකින් වැඩක්වත්ද කියලා..නෑ නෑ....එහෙම දෙයක් නෙවි...මෙතෙක් කාලයක් සිංහල බ්ලොගර්ස් වල සහ අනෙකුත් සින්ඩි වලට ඇඩ් කරලා තිබ්බ මගේ බ්ලොග් අඩවිය මේ වන විට ඔයාලට කියවීමට හැකි වන්නේ ලාංකීය සිතිවිලි සහ හත්මාළුව සින්ඩි වලින් පමනක් බව කරුණාවෙන් සලකන්න .ඒ වගේම මේ පිළිබඳව ලාංකීය සිතිවිලි සහ හත්මාළුව වෙත මාගේ හද පිරි ස්තුතිය මම මේ වෙලාවේ පුද කරනවා...


ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™

බ්ලොගයේ විස්තර

free counters