Hacking පංතිය.: February 2010

වෙබ් අඩවි නටවමුද?

කස්ටියම බලන්න ඇති මේ මොකක්ද කියලා නේද? මේක පොඩි ෆන් වැඩක්.මම ඉතින් ජාලේ ඔලුව හැරුනු අතේ සැරි සරනකොට තමයි මේක දැක්කේ..බලද්දි පොඩි ආතල් එකකුත් තියෙනවා.ඒකයි මම මේක ඔයාලටත් දෙන්න හිතුවේ.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.

ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා කිව්වොත් නිවැරදියි.(ඔහොම චෙක් කරගෙන යනකොට මට අහු උනා නියමෙට නටන වෙබ් අඩවියක්.ලංකාවේ එකක්. ඔයාලත් බලන්නකෝ.හම්බවෙයි ;) )

වැඩේ මෙන්න මෙහෙමයි....

1 පියවර-
පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);


2පියවර-
ඔයාලට නටවන්න ඕන කියලා හිතෙන වෙබ් අඩවියට යන්න.

3පියවර-ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මේ කෝඩ් එක පේස්ට් කරලා කී බෝඩ් එකේ එන්ටර් කී එක ඔබන්න
.

දැන් පේනවා නේද වැඩේ?..කොහොමද?

පොඩි ෆන් එකක් තියෙනවා නේද?හොදයි නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න.

SLT,Dialog,Mobitel දුරකථන වලට නොමිලේ ඇමතුම් ගන්න

මේක මගෙ කලින් පෝස්ට් එකත් එක්ක ගොඩක් සමීපයි.මොකද මේක මාත් දැනගත්තේ ඒකේ දාල තිබ්බ කොමෙන්ට්ස් වලින්. ඔන්න කොමෙන්ට් එකක් දාලා යන එකේ වටිනාකම. මුලින්ම මම කොමෙන්ට් දාපු හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා. මොකද එයාලා නැත්තම් මාත් මේක හොයාගන්නේ නෑ.

මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.


ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

  • උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

  • ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.

ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.

විශේෂයෙන් කියන්න ඕන මම මේ පෝස්ට් එක දැම්මේ බ්ලොග් එකේ දාන්න පෝස්ට් නැතුව නෙවෙයි.නැත්තම් සමහර අය එහෙමත් කියයි.මම මේක දැම්මේ පිට රට කෝල් කරනවට වඩා ලංකාවට කෝල් කරන ක්‍රම වැඩිය කස්ටිය දන්නේ නැති නිසා වගේම මේක ගොඩාක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි.අනිත් හේතුව තමා කොමෙන්ට්ස් දාන එකේ ප්‍රයෝජනය පෙන්වන්න.

ඔන්න දැන් නෙට් එකෙන්ම කෝල් කරලා මල් කඩන්න පුලුවන්.. :P :P

ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™
Hathmaluwa

බ්ලොගයේ විස්තර

free counters