Hacking පංතිය.: 2010

පෙන් (USB Flash Drive) එක RAM එකක් විදිහට භාවිතා කරමුද?


ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ...එහෙම හිතලා පෙරේදා දාන්න ගියපු මේ පෝස්ට් එකටත් කෙල උනා.. දැන් මේ දෙවෙනි සැරේට මේ පෝස්ට් එක ලියන්නේ...හ්ම්ම්...අපේ ෆේස්බුක් පාඨක පිටුවේ මම මෙහෙම දැම්මේ අගෝස්තු 6 වෙනිදා...

"You wanna speed up ur computer? Keep in touch with us...ඔබේ පරිගණකය වේගවත් කරගැනීමට අවශ්‍යයද? රැඳී සිටින්න අප සමඟ... :)"

එදාම හවස පෝස්ට් එක දාන්න හිටියත් බැරි උනේ සම්පූර්ණ පෝස්ට් එකම ලියලා ඉවර උනාට පස්සේ මගේ අතින් ඒක ඩිලීට් උන නිසා...ඊට පස්සේ අයෙත් ඒකම ලියන්න කම්මැලි හිතුනා..ඒත් දැන් එහෙම දාපු හින්දා පෝස්ට් එක නොදාත් බෑනේ..අනික ඊයේ ද කොහෙද මං දැක්කා වෙන බ්ලොග් අඩවියක මේ ගැන කියල තියෙනවා. ..හැබැයි ඔන්න මං එයාලගේ එක කොපි කරේ නම් නෑ ..ඒකට මගේ පාඨක පිටුව සාක්ෂි දරනවා..

කථා ඇති නේද...බහිමු වැඩේට....


මුලින්ම පහලම තියෙන විශේෂ නිවේදනය බලලම වැඩේ පටන් ගන්න හමෝම....

මූලිකව මේ ගැන මම හැඳින්
වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..


වෙනත් අයෙකුගේ Skype චැට් History ය බලමුද?




ඔන්න අද දෙන්න යන්නේ ටිකක් අමුතු වැඩ කරන්න කැමති කට්ටියට ටිකක් හිතට වදින මෘදුකාංගයක්..මටත් මේ ගැන දැන ගන්න ලැබුනේ ශශික (මචන් ඔන්න නම දාන්න කියපු හින්දා දැම්මා හොදේ..හික් හික්...) කියල මගේ යාලුවෙක්ගෙන්...එයා ස්කයිප් එකේ අපි යාලුවෙක් ඇඩ් කරගත්තු දවස හොයන්න පුලුවන් විදිහක් තියෙනවද කියල හොය හොයා යද්දි තමා මේක දැකලා තියෙන්නේ..(ඔන්න ඒක කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න..ලොකු උදව්වක් වෙයි එයාට) ...

මෙහෙමයි....මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම්කෝ මේ මෘදුකාංගය ගැන...

බ්ලොග්කරුවකුගේ නික්ම යාම !!



හිත් හොඳ මිනිසුනුයි හැමවිට ඉක්මන් වන්නේ..

දිවියෙන් දිවිය නිමවී මේ සසරත් කෙටි වන්නේ..

ඔබ කල සේවය අප හදවත් තුල රැව්දෙන්නේ...

ඉතින් අවසරයි සමුදෙන්නට බ්ලොග්කරුවානේ !!


තම තම නැණ පමණින් සිංහල බ්ලොග් අඩවිය රචනා කල කුමුදු ලාල් පින්තු මහතා හදිසියේම අප අතරින් වෙන්වූ බව මා දැන්ගත්තේ තවත් බ්ලොග් අඩවි කිහිපයකිනි..ඇත්තෙන්ම එක වරම "තම නැණ පමණින්" බ්ලොග් අඩවිය කියූ පමණින් මට මතකයට නොආවත් මම එම බ්ලොග් අඩවියට ගිය සැනින් මට එය හුරු පුරුදු අඩවියක් බවට වැටහුණි..එහි සෑම පෝස්ට් එකක්ම මම කියවා නැති මුත් තුන හතරක් නම් අනිවාර්‍යයෙන්ම කියවා ඇත..


මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3ක්..



හායි...කට්ටියට කොහොමද..?..ඔන්න අද ගැන්ස්ටර් ආවේ මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3 ක් අරගෙන...ඔක්කොමලා ඇවිත් බලන්නකෝ මේ මොනාද කියලා... :)..වැඩිය කථා ඕන නෑනේ..

1)පෝර්ටබල් මෘදුකාංග හදන මෘදුකාංගය.
2)පොටෝ කලෙක්ෂන් එකක් ලස්සනට හදා ගන්න පුලුවන් මෘදුකාංගයක්.
3)බොරු හඬක්(Fake Voice) මෘදුකාංගය.

දැන් ටිකක් විස්තර ඇතුවම බලමු....


Flash (Banners,Menus,Buttons,Text) අඩවියට දාමුද?




මේවා ඉතින් දැනගත්තාම ගොඩක් අය නම් කියලා දෙන්නේ නෑ..ඒත් අනේ අපේ සමහර බ්ලොග් අඩවි කරුවන් පොඩි එවුන් වගේ වැඩ කරනකොට කොහොමද අප්පා මං බලාගෙන ඉන්නේ... ... හැමෝම දන්නවනේ අපිට ඔය ප්‍රීමියම් තීම් ගන්නවත්,සල්ලි ගෙවලා බ්ලොගයට වැඩ කෑලි දාගන්න උවමනාවක් නෑනේ.ඒත් බොහෝ අය ඒව අපිට ෆ්රී දෙනවා එයාලගේ ඇඩ් එකකුත් එක්ක..මෙහෙම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙන සයිට් එකක් තමයි http://www.flashvortex.com කියන්නේ..අනේ ඉතින් මෙයාලා අපි ගැන හිතලා අපිට නොමිලේම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙනවනේ..බලන්නකෝ කොච්චර හොදයිද කියලා..කිසිම ලෝබකමක් නෑ ..ඒත් ඉතින් වැඩේ තියෙන්නේ නොමිලේ හදන ඒවට එයාලගේ සයිට් එකට ලින්ක් එකක් දානවනේ.. ඒක ටිකක් චාටර්ර්ර්ර්ර් නේද?




සින්ඩි සහ කැපිලි !!!



සින්ඩි.....හ්ම්ම්ම්....නියම ටොපික් එක...කියන්න දේවල් නම් ගොඩායි...ඒත් ඉතින් කියලා වැඩක් නෑනේ...දැන් කට්ටියම බලනවා ඇති අලුත් හැකින් වැඩක්වත්ද කියලා..නෑ නෑ....එහෙම දෙයක් නෙවි...මෙතෙක් කාලයක් සිංහල බ්ලොගර්ස් වල සහ අනෙකුත් සින්ඩි වලට ඇඩ් කරලා තිබ්බ මගේ බ්ලොග් අඩවිය මේ වන විට ඔයාලට කියවීමට හැකි වන්නේ ලාංකීය සිතිවිලි සහ හත්මාළුව සින්ඩි වලින් පමනක් බව කරුණාවෙන් සලකන්න .ඒ වගේම මේ පිළිබඳව ලාංකීය සිතිවිලි සහ හත්මාළුව වෙත මාගේ හද පිරි ස්තුතිය මම මේ වෙලාවේ පුද කරනවා...


ඔබේ බ්ලොගයටත් Hacking Clz Widget™

ඔන්න හැකිං පංතිය අලුත් වැඩකට අත ගැහුවා ...මෙතෙක් කාලයක් වෙබ් අඩවි අලංකාර කර ගැනීම උපදෙස් දුන් හැකින් පංතිය අද සිට ඒ සඳහා අලුත්ම Widget එකක් හඳුන්වා දීමට තීරණය කලා.(වෙබ් අඩවි අලංකරණය විතරක් නෙවිනේ..හැමදේටම උපදෙස් දුන්නනේ..ඒ විදිහටම ඉදිරියටත් ඒ ඔක්කොම හැකිං පංතියෙන් ඔයාලට ලබාදෙනවා)....දැන් මේ වැඩේ ගැන බලමුකෝ...අපි මේක Hacking Clz Widget™ ලෙස හඳුන්වමු..


වැඩ කෑලි කීපයක්ම එකම පෝස්ට් එකකින්




හැකින් පංතියේ අලුත් ඇදුම අන්දලා තිබ්බ අලුත් වැඩියා කිරීම් නිම කලා.අලුත් ඇදුම බ්ලොග් එකට ඇන්දුවා විතරයි ඒ වෙලාවේ හොදට වැඩ කරා.මෙන්න බොලේ ඊලග දවසේ බලද්දි බ්ලොග් එක ලෝඩ් වෙන්න විනාඩි දෙකක් විතර යනවා.ඒත් සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙන්නෙත් නෑ. .මට මාර පුරස්නේ මෙහෙම වෙන්න් ඇයි කියලා.ටිකක් විස්ලේසනය කොරලා බලද්දි තමා තේරුනේ සීන් එක..බ්ලොග් එකට දාපු තීම් එකේ පින්තූර සහ ජාව ස්ක්‍රිප්ට් අප්ලෝඩ් කරලා තිබ්බ සයිට් එක දවසට දෙපාරක් වත් ඩවුන් වෙනවා.දැන් ඉතින් මොනා කරන්නද..දුක තමා කියලා ඔක්කොම අප්ලෝඩ් කරා බ්ලොග්ස්පොට් වලටම...අනේ වාසනාවන්..මෙන්න ඊලගට බ්ලොග් එක කලින් තිබ්බටත් වඩා වේගෙන් ලෝඩ් වෙනවා..මාර සතුටුයි. .මොකද මේක ලෝඩ් වෙන්න පැයක් විතර ගත්තම කියවන්න එන අයට එපා වෙලා ආයේ එන්නේ නෑනේ.ඒ වැඩෙත් ගොඩ....

මගේ ඕපා දූප බලන්න ඕන නැති අය කෙලින්ම පහලට ගියාට ඉතින් කිසිම තරහක් නෑ ඔන්න. .හැබැයි ඕපා දූප ගොඩේ ඔයාලට ඕන දේවල් ගොඩක් ඇති කියලා හිතනවා..

පොඩි පොඩි වැඩ කෑලි ගොඩාක් තිබ්බා ඉස්සර ඉඳලම බ්ලොග් එකේ දාන්න හිතාගෙන.ඒත් වෙන වෙනම එක එක පෝස්ට් එකට දාන්න නම් වෙලාව තිබ්බා.ඒත් මම දැම්මේ නෑ.මොකද අපරාදෙනේ ඒව බලන්න එන කට්ටියගේ කාලය.ඒක නිසා මම හිතුවා පොඩි පොඩි වැඩ කෑලි 3 ක්ම එකම පෝස්ට් එකක දාන්න.ඒ වගේම පොඩි කිව්වට වැදගත් ඒවා විතරයි.වැඩ කෑලි ගොඩාක් තිබ්බට අපිට වැදගත් ඒවනේ වටින්නේ.


Social Engineering භාවිතයෙන් Hack කරන්නේ කොහොමද?



ගොඩාක් කාලෙකින් හැකින් ගැන මොනවත්ම දාන්න බැරි උනානේ.ඒක නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.සමහර විට සමහර අය දන්නවා ඇති Social Engineering කියන්නේ මොකක්ද කියලා.කමක් නෑ දන්නේ නැති අය ගොඩාක් ඇතිනේ.ඒක නිසා අපි ඒ අයට මේක පැහැදිලි කරලා දෙමු.

ඇත්තෙන්ම Social Engeneering කියන්නේ එක්තරා කලාවක් කිව්වොත් නිවැරදියි .මේ ගැන ලියනවා නම් ඉතින් පිටු ගානක් ලියන්න පුලුවන්.මම අද කියලා දෙන්න යන්නේ ඔක්කොම සංක්ෂිප්ත කරලා බොහොම කෙටියෙන්.ඔයාලට මේ ගැන වැඩිපුර දැන ගන්න ඕන නම් ජාලයේ හොයලා බලන්නකෝ.කෙටියි කිව්වට කෙටිමත් නෑ..මොකුත් අඩු නැතුව ඔක්කොම සංක්ෂිප්ත කරලා ලියන්න උපරිම උත්සහායක් දෙන්නම්කෝ.

Blogger අලුත් වෙලා !!!



ඔන්න ඉතින් අදත් උදේම ඔන්ලයින් ඇවිත් සුපුරුදු විදිහටම ෆේස්බුක් පැත්තේ ගියා ..දෙවෙනියට සින්ඩියට යන එකත් දැන් ඉතින් පුරුද්දක් වෙලා මට..සින්ඩියෙත් රවුමක් දාන ගමන් බ්ලොග් එකට යන්න ඕනි කියලා හිතුනා.දැන් ඉතින් බ්ලොගර් වලට ලොග් උනා කියමුකෝ.මට නිකන් දැනුනා වෙනදට වඩා වෙනසක් තියෙනවා නේද කියලා(අපි බ්ලොගර් Dashboard එකට ලොග් වෙනකොටම බ්ලොගර් එකෙන් මේ ගැන පොඩි දැනුවත් කිරීමකුත් කරනවා.ඔය උඩින් තියෙන පොටෝ එක ඒක තමයි)..ඇත්ත නේන්නම්...මෙන්න බොලේ ඔච්චර කල් අපිත් එක්ක අපේ දුකටත් සැපටත් හිටිය Layout ටැබ් එක නෑ .දැන් ඉතින් මොකද කරන්නේ..ඒ වෙනුවට තියෙන්නෙ Design කියලා ටැබ් එකක්.කමක් නෑ ඕන මගුලක් වෙන්න ගිහින් බැලුවා..සාමාන්‍ය Layout tab එකට ගියාම තියෙන පෙනුමමයි.ඒත් පොඩි වෙනසක්

මොනවද හොයන්නේ ? Serials ද? Crack/KeyGen ද?


ඔයාලා තාමත් Serials,Crack or KeyGen ඕන උනාම තාමත් Google ගෙන් උදව් ඉල්ලනවද? එහෙනම් මෙන්න කාලය වැය කරන්නේ නැතුව ඒවා හොයගන්න හොදම විදිහ.

ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ ඉතින් ඔරිජිනල් මෘදුකාංග නම් නෙවෙයිනේ.ඇමරිකාව,බ්‍රිතාන්‍යය වගේ රටවල් ඇරුනාම ගොඩක් රටවල පුද්ගලයන් භාවිතා කරන්නේ Pirated (මධුර ශබ්ධකෝෂයට අනුව-ලුංටික පිටපත් ) මෘදුකාංග .ඉතින් අපි මේවා ලබාගන්නේ CD / DVD වශයෙන් කඩවලින් හෝ අන්තර්ජාලයෙන්.කඩෙන් ගද්දි නම් අවුලක් නෑ.මොකද එයාලා Serials,Crack or KeyGen එකත් ඒවා තුලම අන්තර්ගත කරලා තියෙනවා.නමුත් නොමිලේ අන්තර්ජාලයෙන් බාගන්න තියෙන ඒවා අපි මොකටද සල්ලි දීලා ගන්නේ .ඒත් අන්තර්ජාලයෙන් බාගත්තම තියෙන අවුල තමා මේ මෘදුකාංග වලට Serials,Crack or KeyGen හොයාගන්න එක..

ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™

බ්ලොගයේ විස්තර

free counters