Hacking පංතිය.: January 2010

නොමිලේ දුරකථන ඇමතුම් ගන්න



පිට රට ඉන්න අයට කෝල් කරන්න ගියාම අපි විකිණෙනවා නේද? මෙන්න මගෙන් ඒකට නියම විසදුමක්.මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහිල්ලා ඔයාලට නොමිලේ දුරකථන ඇමතුම් ගන්න පුලුවන්.සමහර අය මේවා දන්නවා.ඒත් කාටවත් කියලා දෙන්නේ නෑ.ඔන්න අපි එහෙම කරන්නේ නෑ.හැබැයි මේක ලංකාවට නම් වැඩ නෑ වගේ.ඔන්න බලන්නකෝ.





1)http://callingamerica.com

මේකෙන් ඔයාලට මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නේ නැතුව විනාඩි 2 ක කෝල් එකක් ගන්න පුලුවන්.ලියාපදිංචි වෙලා විනාඩි 15ක් කෝල් කරන්න පුලුවන්.(ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ).හැබැයි ලියාපදිංචි වෙනවා කියන්නේ මෙයාලගේ ඊ මේල් සහ මෙයාලගේ අනුග්‍රාහකයන්ගේ ඊ මේල් අපේ ඊ මේල් ලිපිනයට එනවා කියන එක.තව ඔයාලට හැම කෝල් එකක් ගද්දිම තත්පර 10 ක් වෙලාවක් දැන්වීමක් බලන්නත් වෙනවා.ඕවා මොනවද නේද? නිකන් දෙනවනම් දෙමළ පත්තරේ උනත් මොකද?ඒ වගේම මේකෙන් කෝල් කරන්න පුලුවන් ඇමරිකාවට විතරයි.

2)http://evaphone.com

මේ සයිට් එකෙන් බොහෝ රටවලට කෝල් කරන්න පුලුවන්.මම UK, US, Italy කියන රටවල් වලට නම් කෝල් කරලා පරීක්ෂා කරා.එළකිරි වගේ වැඩ.බලන්නකෝ.

ඉහත සඳහන් කල වෙබ් අඩවි දෙකේම විශේෂත්වය වෙන්නේ මේ සේවාව ලබා ගැනීමට අපිට කිසිදු මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීමයි.

ඔයාලට මේක ප්‍රයෝජනවත් වුනා නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න.ප්‍රශ්ණ තියෙනවනම් ඒවත් දාන්නකෝ.මම බලන්නම්.

ඔබේම Mobile අඩවියක් නිර්මාණය කරගන්න


මේ ලඟකදි මට යාළුවෙක් කිව්වා හොද මොබයිල් අඩවි ටිකක් හොයලා දෙන්න කියලා.දවසම නෙට් එකේ ඉන්න මම කොහොමද මොබයිල් අඩවි ගැන දන්නේ?.ඉතින් බෑ කියන්න යෑ..හා කියලා බාරගත්තා.දැන් ඉතින් හොයපන්කෝ.කවදත් ඕවගේ වැඩ වලදි අපිට පිහිටට ඉන්නේ ඉතින් ගූගල් නේ.ඔහොම හොයාගෙන යනකොට තමයි ටැග්ටැග්.කොම් එක දැක්කේ.මීට කලින් ෆෝන් එකෙන් නම් ගිහිල්ලා තියෙනවා. ඒත් ඉතින් එකේ වෙබ් පේජ් එකට ගියේ එදාමයි.එතකොට තමයි මම දැක්කේ මෙයාලා නොමිලේ අපේම කියලා මොබයිල් අඩවියක් නිර්මාණය කරගන්න අපිට අවස්ථාවක් දෙනවා කියලා.පුරුද්දට වගේ ටිකක් කැරකිලා බැලුවා.නියමයිනේ.ඊට පස්සේ මාත් නිකන් ටෙස්ට් කරන්න වගේ එකක් හදලා බලලා ඔයාලටත් දෙන්න ඕන හින්දා තව එහෙම තැන් තියෙනවද කියලා බැලුවා.එතකොට තමයි මේ ටික හම්බ උනේ.ඔන්න හදලා බලන්නකෝ.

මෙන්න මගේ මොබයිල් අඩවිය.(තාම වැඩ ඉවර නෑ )

http://tagtag.com/site/sites/detail/site_name/chameezone/service/3

ඔයාලට ඔයාලගේම කියලා මොබයිල් අඩවියක් නිර්මාණය කරගන්න ඕන නම් මෙන්න හොද තැන් කීපයක්.

http://www.tagtag.com
http://www.mobiweb.mobi
http://www.zinadoo.com
http://www.mobisitegalore.com/index.html
http://www.mobisitegalore.com/index.html
http://www.movylo.com


මේක ඔයාලට ප්‍රයෝජනවත් උනා නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එපා..

My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

මෙහෙමයි.මුලින්ම නෝට්පෑඩ් එක විවෘත කරලා මෙන්න මේ ටික ටයිප් කරන්න.

[General]
Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Here

ඊට පස්සේ මේ ෆයිල් එක
OEMINFO.INI කියන නම දලා C:\WINDOWS\system32 folder එකේ සේව් කරන්න.දැන් ඔයාලට ඕන පින්තූරයක්(හැබැයි මේ පින්තූරේ පික්සෙල් 180x‍120 වෙන්න ඕන.ඒ වගේම මේක .bmp ෆයිල් එකක් වෙන්න ඕන) තෝරාගෙන ඒක system32 folder එකේම oemlogo.bmp කියන නම දාලා සේව් කරන්න.






දැන් ඉතින් My Computer Icon එක උඩ Right කරලා Properties වලට ගිහින් බලන්න වැඩේ හරිද කියලා.





ඔයාලට මේක ප්‍රයෝජනවත් උනා නම් හෝ මොනවා හරි ප්‍රශ්ණ තියෙනවනම් කොමෙන්ට් වල දාන්නකෝ.මම බලන්නම්.

අලුත් තීම් එකක් දැම්මා


කොහොමද අලුත් තීම් එක.... විශිෂ්ඨයිද? හොදයිද? චාටර්ද? කියලාම යන්න...හප්පේ....මට එපා වුනා මේක දාන්න ගිහිල්ලා..ඇති යාන්තම් වැඩේ ඉවර කර ගත්තා..මොනා හරි අප්සට් එකක් තියෙනවනම් කියලම යන්න.ඔයාලගේ අදහස් තිබ්බම තමයි වැඩේ සාර්ථකද නැද්ද කියලා බලාගන්න පුලුවන් වෙන්නේ.එහෙනම් ඔන්න අලුත් අවුරුද්දේ අලුත් වෙලාම වැඩේ පටන් ගත්තා...:-)...

සුභ නව වසරක් වේවා !! ||||2010||||

ඔබ සැමට සාමය සතුට සපිරි, නිරෝගී, බලාපොරොත්තු ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™
Hathmaluwa

බ්ලොගයේ විස්තර

free counters