ඔන්න ඊයේ මම මූණුපොත එකේ ආතල් එකේ ඉද්දි මට නොටිම නෝටි නෝටිෆිකේෂන් එකක් එනවා මගේ යාලුවෙක් මාව පොටෝ එකකට ටැග් කරා කියලා.ඉතින් මම මගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලද්දි කිසිම පොටෝ එකක් නෑ.මොකද වෙන වෙලාවට නම් ඉතින් කවුරු හරි අපිව ටැග් කරාම එ පොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ වැටෙනවනේ.දැන් ඉතින් මොකද කරනේ.මෙන්න බොලේ ඒ පාර එක දිගට එනවා අර මනුස්සයා මාව පොටෝ එකක ටැග් කරාලු එයාම එකේ කොමෙන්ට් කරා කියලා.ඉවරයක් නෑ.
මාත් ගිහින් බැලුවා ඔය කියන පොටෝ එකකට.මේ තියෙනේ බඩු.කොමෙන්ට් එකට දාල තියෙන්නේ ඇප්ලිකේෂන් එකක ලින්ක් එකක්.
ෂුවර් එකටම ඕක එක පොටෝ එකකට විතරක් මාව ටැග් කරලා දාල තිබ්බනම් මාත් අනිවා ඔයා ඇප්ලිකේෂන් එක විවෘත කරනවා.ඒත් මෙච්චර කෙටි කාලයක් ඇතුලත මෙහෙම ටැග් කරන්නයි කොමෙන්ට් කරන්නයි මනුස්සයෙකුට නම් බෑ කියලා මට වෙලාවට හිතුනා.ඊට පස්සේ මම පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා.හොයද්දි තමයි බඩු හම්බුනේ.මේකට මීට කලින් අහුඋන අය එයාලගේ අත්දැකීම් ජාලෙට දාල තිබ්බා.ඒවයි මගේ අත්දැකීමුයි හරියටම ගැලපෙනවා.
මේ ෆේස්බුක් වෛයිරසයේ නම Sim 3 මෙයා කරන්නේ කවුරු හරි ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරපු ගමන් මොකක් හරි පොටෝ එකක් අරගෙන එයාගේ යාළුවන්ව ටැග් කරනවා.ඊට පස්සේ අර ඇප්ලිකේෂන් එක විවෘත කරපු පුද්ගලයා කොමෙන්ට් කරන විදිහට වෛරසය ඒ ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක දාල කොමෙන්ට් එකක් හෝ කීපයක් දානවා.කවුරු හරි ඒ ලින්ක් එක උඩ ඔබලා ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරොත් එයාටත් වෙන්නේ මේ වැඩේමයි.මෙහෙම මෙහෙම මේක දිගටම පැතිරෙනවා.
ආරංචියේ හැටියට මේ වෛරසය මූණුපොත තුල පැය 48 ක පමන කාලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා.මට තියෙන පුරස්නේ නම් මේක අ පැය 48 ක් පමණ කාලයක් ලෝකය පුරාම පැතිරෙනකම් මූණුපොතේ වගකිවයුත්තෝ බිත්තර රැක්කද කියන එකයි. :D
ඔයලටත් එහෙම පුරස්න එහෙම ඇතිනේ.ඒවත් මෙතන දාලා යන්න.නැති උනත් කමක් නෑ ඉතින් කොමෙන්ට් එකක් දාලා යන්න. :-)
March 3, 2010 at 12:00 PM
ඔයා ඕක කියපු එකනම් හොඳයි... ගොඩක් කට්ටියට ඕක ලොකු අව්ලක් වෙලා තිබ්බේ. මටත් ඊයෙ දවසම නිදහසක් නෑ යාලුවන්ගෙන් කරදර "මෙහෙම දෙයක් ඇවිත් ශමත්, මම මොනවද කරන්නේ?" කියලා.. ඔයා මේක ගැන අවධානය යොමු කරපු එකට ස්තූතියි.....
March 3, 2010 at 12:01 PM
ඔයා ඕක කියපු එකනම් හොඳයි... ගොඩක් කට්ටියට ඕක ලොකු අව්ලක් වෙලා තිබ්බේ. මටත් ඊයෙ දවසම නිදහසක් නෑ යාලුවන්ගෙන් කරදර "මෙහෙම දෙයක් ඇවිත් ශමත්, මම මොනවද කරන්නේ?" කියලා.. ඔයා මේක ගැන අවධානය යොමු කරපු එකට ස්තූතියි.....
March 3, 2010 at 12:02 PM
අපි නම් ෆේස් බුක් නෑ.
March 3, 2010 at 12:24 PM
@ Shamath-එල එල..මේක ගොඩාක් අයට තිබ්බ අවුලක්..වෙල්කම් කිව්වා..
@ හෙලයා-ඇත්ත තමයි..වෙලාවකට ෆේස්බුක් එපා වෙනවා :-)
March 3, 2010 at 12:37 PM
මමත් ටිකිරි මොලේ පාවිච්චි කරලා හොද වෙලාවට බේරුනා...දැන් නම් වැඩේ ටිකක් ෂේප් වගේ. හැබැයි සම්පූර්ණයෙන්ම නෙවෙයි මම හිතන්නේ
March 3, 2010 at 12:46 PM
@ ළමයා- කොහොමද ටිකිරි මොලේ !! .. එල එල..හැබැයි දැන් ඒ ඇප්ලිකේෂන් එක නම් ෆේස්බුක් බළධාරීන් අයින් කරලා වගේ:-).ආයේ වෙන නමකින් එයිද දන්නේ නෑ.. :-(
March 3, 2010 at 12:53 PM
මමත් ඊයේ FB ඉන්න කොට යාලුවෙක් ඔය කතාව කීව තමයි.ඒකා මහ පචමල්ලක් නිසා මම හිතුවේ බොරු කියල.දැන් තමයි ඇත්ත බව තේරුනේ.
March 3, 2010 at 1:23 PM
හික් හික්..අවුලක් නෑ දැන් දැනගත්තනේ...බලාගෙන යද්දි පචයොත් ඇත්ත කියන වෙලාවල් තියෙනවා වගේ නේද මචන්....:D
March 3, 2010 at 1:31 PM
ඔව් ඔව්.ඒකත් හොදයි තමා..ඒ උනාට මට හිතෙන්නේ මම නම් ෆේස්බුක් වලට ඇබ්බැහි වෙලා වගේ.. :-(
March 3, 2010 at 1:54 PM
මූණුපොත ආක්රමනය කරපු අලුත්ම වයිරස් එක....මටත් ඕකට මුහුන දෙන්න සිද්ද වුනා..ස්තූතීයි මල්ලි විස්තරේට ....නැත්නම් ආයෙමත් අහු වෙනවා..
March 3, 2010 at 2:21 PM
ඕක වයිරස් එකක් කියලා මන් දන්නේ නැහැ. මන් කලේ මාව ටැග් කරන කරන යාළුවා බ්ලොක් කරපු එක.
March 3, 2010 at 3:19 PM
ela ela thx for da info macho
March 3, 2010 at 3:28 PM
මං හිතුවෙ ඒකත් FB වල ම අවුලන් නියල. ඇයි ඉතිං හිටපු ගමන් ඔය වගේ අවුල් එනවනෙ. මට මල මැනල මං Browser එක ඉවර කලා.
March 4, 2010 at 1:04 AM
@ සශික-වෙල්කම් කිව්වා.. :-)
@ ම-හික් හික් ඒකත් හොදයි තමා..දැන් පවු පොරගෙ බ්ලොක් එක අයින් කරන්න..දැන් එයාගෙන් තර්ජනයක් නෑ..:-)
@ ඩාර්ක්-වෙල්කම් කිව්වා.. :-)
@****-හික් හික්..දැන් දැනගත්තනේ වැඩේ..එල එල.. :-)
March 6, 2010 at 6:19 PM
මමත් ඕක ගෑන report කලා , ඒ වුනත් මෙන්න මු ආයි ඊයේ තව application එකක් හදලා දාලා !!! ,මම ඕක ගෑන ආයිත් report කලා , මොකෙක් හරි ඔල්මාදකාරයෙක් ඉන්නවා. canvas url එකත් බෑලුවා මම (domain 2 කින් ඕකා 2 ක හදලා තිබ්බේ !!)
March 6, 2010 at 10:11 PM
මෙන්න අනික් sims 3
http://www.facebook.com/tos.php?api_key=40bb36f61a1d8334804ba67258c0cbec&next=http%3A%2F%2F173.203.194.209%2Fsim3%2F%3Fa%3D40bb36f61a1d8334804ba67258c0cbec%26s%3Daf1d40488a7c54d6e9ee16cfb102f2f7%26_fb_fromhash%3D1ae60a470a76a4906cd8060e29299756&v=1.0&canvas
March 31, 2010 at 4:28 PM
mage fb account 1ka hjack karala mama den mokada karanne
May 15, 2010 at 1:41 PM
අදත් අලුතෙන් "winamp "එකක් ඇවිල්ල කියලා.එකෙන් කරන්නෙ ටිකක් අසභය ගනයට ගැනෙන විඩියො එකක් ඔක්කොම යාලුවන්ගෙ wall වල post කරනවා.තව පොඩ්ඩෙන් මට පාරෙ බැහැල යන්න බැරිවෙනවා.මට 177 දෙනෙකුගෙ wall සුද්ද කරන්න උනා ඔය මගුල හින්ද.
තව ඒ ව්ඩියො එක බලන්න software එකක් install කරන්න කියනවා.ඇත්ට්තටම ඒකත් වයිරස් එකක්.
June 16, 2010 at 10:44 PM
Maxxa kollo Maxxaaa..!!!