
ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත.
මූනූපොතේ බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්‍රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා මූනූපොත මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ.
එය වේගවත්-
m.facebook.com හි ඇති ප්‍රධාන පහසුකම් සියල්ලම පාහේ 0.facebook.com තුලද දැකිය හැක.ඔබේ Status අලුත් කිරීමට,යහලුවන්ට මැසේජ් යැවීමට,යහලුවන්ගේ බිත්ති වල කුරුටු ගෑමට
, කොමෙන්ට් කිරීම වැනි පහසුකම් සියල්ලම මෙහි අඩංගු වේ.නමුත් 0.facebook.com හි වේගය වැඩි කිරීම සඳහා පින්තූර පෙන්වීමක් සිදුවන්නේ නැත.එහෙත් අපට පින්තූර බැලීමට අවශ්‍යයම නම් එය ලබාදීමටද 0.facebook.com හැකියාව ඇත.නමුත් එවිට නම් සමාන්‍ය දුරකථන ගාස්තු අයවන බවද ඔවුන් දනුම් දී තිබේ.(දැන් ඉතින් අර නිකන් දුන්න අස්සයාගේ දත් ගනන් කරන අය නම්..පින්තූර ටිකත් ෆ්රී ඔන කියල කියයිද මංදා....
)
එය සම්පූර්ණයෙන්ම නොමිලේ-
0.facebook.com තුල සැරී සැරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ(පහත නම්කර ඇති 50 කට අධික ජංගම දුරකථන ජාල වලින් පමනී).එමෙන්ම 0.facebook.com සිට අපට අත්‍යාවශ්‍යම වී එහි පින්තූරයක් බැලීමට අවශ්‍ය බොත්තම එබූ විට (මෙම පින්තූරය නරඹා අවසන් වී 0.facebook.com වෙත ආ විට ඔබට නැවතත් මූනුපොතේ නොමිලේ සැරිසැරිය හැක)හෝ වෙනත් ජංගම දුරකථන අඩවියක් වෙත යාමට සැරසුන විට මෙතැන් පටන් සමාන්‍ය ගාස්තු අයවන බව දැන්වීමටද 0.facebook.com අමතක කරන්නේ නැත.
0.facebook.com හරහා මූනුපොතේ සවාරි යනවිට
දිස් වන ආකාරය පහත දැක්වේ..
0.facebook.com සමඟ මේ වන විට සම්බන්ඳ වී ඇති ජංගම දුරකථන ජාල පහත දැක්වේ.ශ්‍රී ලංකාවේ මේ සමඟ සම්බන්ධ වී තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයි..වී කෙයාර් ඕල්වේස්නේ.. 
මේ කෙසේ වෙතත් m.facebook.com සහ touch.facebook.com හරහා පෙර පරිදිම සමාන්‍ය අන්තර්ජාල ගාස්තු යටතේ මූනූපොත පරිශීලනය කිරීමේ හැකියාව පවතින බවද
එහි බලධාරීහු හැකින් පංතිය වෙත දන්වා සිටියහ...
..hikz...
කියවලා බලලා ඔයාලට ප්‍රයෝජනයක් උනානම් කොමෙන්ට් එකක් දාලා..අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දාලම යන්න.තව ඉතින් මගේ අලුත් ගැජට් එක "ෆේස්බුක් Like " බොත්තමත් ඔබලම යන්න...
මේ බ්‍රේකින් නිවුස් එක(2010/05/20 අලුයම 2 ට) මට දැනුම් දුන්නේ M I S L එකේ Ignatious අයියා.එයාටත් ස්තුතියි..දැන් මේක ලියලා ඉවරවෙද්දී අලුයම 3.00.හැකින් පංතියේ මේ කැපවීම,ඔබ වෙනුවෙන්මයි..

May 20, 2010 at 3:20 AM
එල ඒ උනාට එයාටෙල් එකෙන් වෙබ් නොමිලේම යන්න පුලුවන් 99 or 25 පැකේජයෙන් ඔකට වඩා ඒක වාසි බන්
May 20, 2010 at 3:22 AM
මට ඉස්සෙල්ලා කියන්න බැරි උනා අනික මොබිටෙල් ස්පිට් අඩුයිනේ
May 20, 2010 at 3:24 AM
ela ela
May 20, 2010 at 3:48 AM
@ Anuradhapurazone-මේකනේ මචන්..භාවිතා කිරීම නොකිරීම පාඨකයාගේ වැඩක්.මගේ වගකීම ප්‍රවෘත්තිය ලබා දෙන එක.. :) අනික එයාර් ටෙල් එකේ නොමිලේ යන්න රුපියල් 99 ක් යනවා.එතකොට ෆ්‍රීද බන්? අනික එයාටෙල් වලට වඩා මොබිටෙල් සිග්නල් තියෙනවා.ඒ වගේම මොබිටෙල් 3.5 ජී තියෙනවනම් ඉතින් මේක හොදයි.නැතත් මම දන්න විදිහට එයාර්ටෙල් වලට වඩා මොබිටෙල් හොදයි.(මෙහෙම කියන්නේ මම මොබිටෙල් පාවිච්චි කරන ගමන් නෙවි.මම පවිච්චි කරන්නේ ඩයලොග්.. :)
May 20, 2010 at 3:53 AM
උබ ප්‍රවෘති ලබා දියන් මම කිව්වේ අදහසක් විතරයි උබ BBC එකේද වැඩ he he he :D
May 20, 2010 at 7:32 AM
පිස්සු හැදෙනව!
බොහොම ස්තූතියි ආරංචියට
May 20, 2010 at 9:08 AM
අපි හිතමු කට්ටියට තම තමන්ගේ කාර්යාල තියෙනවා කියල... තමන්ගේ සේවකයන් කාර්යාලයේදී Facebook භාවිතා කරන එක ගැන ඔයාලගේ අදහස කියන්න පුළුවන්ද?
මමනම් සම්පූර්නයෙන්ම භාවිතා කිරීමේ හැකියාව නැති කරල දානව.. කාලෙයි මුදලුයි නාස්ති කරන්න කියාපු එකම ක්‍රමය මත්ද්‍රව්‍ය වලටත් වඩා භයානකයි.
May 20, 2010 at 9:29 AM
අපි එකේ හිටියට ඔයාලගෙන් තමයි අලූත් දේවල් ඉගනගන්නෙ ඔයාලට
ස්තුති
අපි www.sriwow.info
May 20, 2010 at 9:30 AM
අපි net එකේ හිටියට ලෙස නිවැරදි විය යුතුයි
May 20, 2010 at 10:04 AM
@අනුරාධපුරසෝන්- හෙහ් හේ.මං කිව්වෙත් මගේ අදහස සහ බොහෝ දෙනෙකුගේ අදහස.. :P :P බී.බී.සී නෙවි ලක්හඩේ වැඩ.. :P
May 20, 2010 at 11:11 AM
ඔව් බන් එල
May 20, 2010 at 11:20 AM
Airtel එකෙන් නොමිලේ දෙන්නේ m.facebook.com කියන homepage එක විතරයි. එතනින් ඇතුලට යන page සඳහා ගෙවන්න ඕනේ..
May 20, 2010 at 12:06 PM
අනාගතය අදම ගේන අය ඕක පරක්කු කරන්නේ ඇයි දන්නේ නෑ. නිකන් දුන්නොත් අගයක් නැති නිසා ද පාරිභෝගිකයන්ගේ අන්තිම රුපියලටත් විදින්න ඕන නිසා ද දන්නේ නෑ.
May 20, 2010 at 1:40 PM
This comment has been removed by the author.
May 20, 2010 at 2:12 PM
ela ela... hoda wedak.. apith ape site walin promote karanawa... ( dialog ekata gama denna).. he...he..
May 22, 2010 at 1:05 PM
නියමයි..
May 22, 2010 at 5:56 PM
aniwa deffA ube paraurtiya ela danagatta ekqa loku deyak man gawa tiyenawa oya hama zim ekakma kaalen kaleta use karanawa DIALOG eke hoda double package eka dagattama calls walata wiyadama adui MOBITEL Eke network coverage tiyenawa mm hoh hoh man danata use karanne ETISALAT appata hudu 5rs walata sms 100 denawa ban eda idalama ekanam loku deyak ... anika AIR TELL eke friend zone eka ela ban habai horata gaana kapanawa un ara mokadda hangan mokenda kelina jatiye ewn tama air tell ..........
HUTCH gananam kiyala wadak naha apita neme wage ohee innawa melooo magulak naha ban unge ... mama kookatat kiyala hama zim ekakma aran tiyan inne onna okai situation eka..... uba matak kalaata thanks uba nikan paparasi wagene hoh hoh ela ela ohoma yan kollo....
May 29, 2010 at 5:34 AM
ඉතාලියෙ ඉන්නෙ කුනු ලෝබයො ශිහ් විතරක්
July 24, 2010 at 1:46 AM
තැන්කූ ලොක්කා... :D