ඉතින් ඉතින්...මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා...ඔන්න ඒ අය අලුත් වැඩක් කරලා..

උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE  එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා...

මෙන්න බලන්නකෝ...ඔන්න වැඩේ ඇත්තද බලන්න මාත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා බැලුවා..එලකිරියට වැඩේ සිද්ධ වෙනවා..(වීඩියෝ එකේ ඉන්න එවුන් දෙන්නා නම් කියලා වැඩක් නෑ..පට්ට ආතල් එකක් දුන්නේ Halloween  දවසේ..වැඩ දාන්න ගිහින් එකෙක්ගේ සාක්කුවේ තිබ්බ බිත්තරේකුත් කුඩු වෙලා ඇඟ දිගේ බේරෙන්න ගත්තා..ලොල්..)

මෙන්න ඕන්නම් ඒ වීඩියෝ එකත් බලන්නකෝ..
මේක කරන හැටිත් පොඩ්ඩක් කියන්නම්..

වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න..


ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින්  Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බො වෙලා යනවා...



කරලම බලන්නකෝ..හැබැයි මේක දැකපුවාම මට හිතුන එක දෙයක් නම්, පොලිටික්ස් ගැන එහෙම ඔහොම වීඩියෝ එකක් දැම්මොත් Youtube ගාව ඔරිජිනල් එකත් තියෙන එකේ, ඒක කොහෙන් කොහෙන් හරි ලීක් උනොත් ඉතින් ** දී නසී තමා...