ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට ...ඔන්න මම අදත් පොඩි වැඩ කෑලි දෙකක් අරගෙන ආවා...Favicon ගැනනනම් මං කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා...මේ තියෙන්නේ ඒක (ඔබේ බ්ලොග් එකටත් අලුත් Favicon එකක් දාගන්න)..අද මම දෙන්න යන්නේ අන්න ඒ වගේම අපිට Favicon දාගන්න උදව් කරන වෙබ් අඩවි ටිකක්..ඔන්න ඔයාලත් මේ වෙබ් අඩවි බලලා ඔයාලට හොදයි කියල හිතෙන එකක් දාගන්නකෝ..


2. Animated Favicon

3. Photoshop Tutorial

5. Dynamic Drive

10. Favicon.ru

11. Favicon Editor v0.03

12. Degreave Favicon Generator

13. Favicon Generator

14. Favicon editor

15. Web Script Lab Favicon Generator

16. Converticon

17. Favicon.cc

18. Faviconr

19. Favikon

20. Favicon Japan

21. Favicon Tool

22. Favicon Generator

23. Favicon Drawing tool

24. Favicon Generator

25. 256 Pixels


ඔන්න මේ ලහදි මං උබතෝකෝටික (මටත් ඒ වචනේ වැඩිය තේරුනේ නැ   ) ප්‍රශ්නෙකට මුහුන දුන්නා..ඔයාලටත් මේක වෙලා ඇති සමහර විට..


මගෙ වයිරස් ගාඩ් එක තියෙන්නේ AVG එකක්..මීට සතියකට කලින් විතර ඉඳලා එයාට අම්බානක වැඩ..මොකද මගෙ ලැප් එකට වයිරසයක් රින්ගලා වද දෙනවා...ෆුල් ස්කෑන් එකක් දාන්නත් කම්මෑලියි..මොකද මං වැඩ කරල ඇවිත් ෆිල්ම් එකක් බැලුවා නිදාගන්න යද්දි ඕෆ් කරනවනේ..ඔහොම ඔහොම ගිහිල්ල දවසක් මම ෆුල් ස්කෑන් එකක් දුන්න..අනේ ඉතින් AVG මල්ලි මට ඔක්කොම ක්ලීන් කරල දුන්න..එත් මෙන්න විනාඩි 5ක් ගියෙ නෑ අයෙත් මේ යකා මට නොටිෆිකේශන් එකක් පෙන්නනවා ට්‍රොජන් එකක් ඔපන් වෙද්දි අහූවුනා කියලා..ඔන්න දැන් තමයි මට ලැප් එක පොලේ ගහන්න හිතුනේ...යකෝ මේ ඔක්කොම ක්ලීන් කලා විතරයි අයෙත් ට්‍රොජන් එකක් තියෙනවා කියනවා..මොන මංගල්‍යයක්ද..ඔච්චරකල් ඕවා පෙන්නුවට නිකම්ම ක්ලෝස් කලා මිසක් කීව්වේ නෑනේ කියල හිතලා මං කියවනකොට තමා තේරුනේ මේක AVG කොල්ලට තියා කාටවත් ඩිලීට් කරන්න බැරි අයිටම් එකක් කියලා..ට්‍රෝජන් එක තියෙන්නේ සිස්ටම් 32 ෆොල්ඩර් එකේ තියෙන Services.exe ෆයිල් එකේ..Services.exe කියන්නේ ඉතින් සිස්ටම් ෆයිල් එකක්නේ..ඉතින් ඇන්ටි වයිරස් මල්ලිලා කවුරුවත් මේක ඩිලීට් කරන්න යන්නේ නැ...ඒක නිසා මේක මැනුවල් ඩිලීට් කරන්න වෙනවා කියලා තමා මට ගූගල් මාමා කිව්වේ ...ඔහොම ඔහොම මං බල බලා ඉන්නකොට වෙනදා වගේ නම් නෙවෙයි..ඇත්තටම මට එපාම උනා..මොකද සමහරු දාලා තියෙනවා මෙන්න මේ රිජිස්ට්‍රි කී ඩිලීට් කරන්න කියල..රෙජිස්ට්‍රි එකේ හෙව්වාම එහෙම එකක් පෙන්නනෙත් නෑ.. ඊට පස්සේ Malwarebytes බාගෙන කරන්න පුලුවන්ද බැලුවා...එයත් වැඩේ කලාට අයෙත් ස්කෑන් කරපු ගමන ඒක එහෙම්මමයි..

දෑන් තමයි මට වැඩේ ඉවර කරගන්න පුලුවන් විදිහක් ලැබෙන්නේ...මේක තිබ්බෙත් AVG  ෆොර්ම් එකකම තමා..මෙකෙන් වෙන්නේ වින්ඩෝස් මගින්ම අපේ පරන  Services.exe ෆයිල් එක වෙනුවට අලුත් එකක් රීප්ලේස් කරන එක..ඔන්න ඔහොම තමා මං trojen එක අයින් කරගත්තේ ...ඔයාලටත් මේ අවුල තියෙනවනම් කරලා බලන්න..ගොඩ තමා..


1- ඉස්සෙල්ලම START ගිහින් CMD කියලා ටයිප් කරන්න.ඊට පස්සේ CTRL+SHIFT+ENTER කියන යතුරු තුනම එක පාර ඔබන්න..(මොකද අපිට මේ වැඩේ කරන්න ඇඩ්මිනිස්ට්‍රේටර් විදිහට ලොග් වෙන්න ඕන නිසා )
2- දැන් මෙන්න මේක කොපි කරගෙන පේස්ට් කොරලා ENTER යතුර ඔබන්න..

 sfc /scanfile=c:\windows\system32\services.exe 

මෙහෙම කලාම ඔයාගේ ට්‍රොජන් එකක් ඉන්ෆෙක්ට් වෙලා තියෙන Services.exe ෆයිල් එක වෙනුවට ඔරිජිනල් ෆයිල් එකක් ස්ථාපිත වෙනවා...
ඔන්න වැඩේ ඉවරයි..පරිගණකය Restart කරලා බලන්නකෝ අයෙත් අර විදියේ නොටිෆිකේශන් එනවද කියලා..