පිට රට ඉන්න අයට කෝල් කරන්න ගියාම අපි විකිණෙනවා නේද? මෙන්න මගෙන් ඒකට නියම විසදුමක්.මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහිල්ලා ඔයාලට නොමිලේ දුරකථන ඇමතුම් ගන්න පුලුවන්.සමහර අය මේවා දන්නවා.ඒත් කාටවත් කියලා දෙන්නේ නෑ.ඔන්න අපි එහෙම කරන්නේ නෑ.හැබැයි මේක ලංකාවට නම් වැඩ නෑ වගේ.ඔන්න බලන්නකෝ.





1)http://callingamerica.com

මේකෙන් ඔයාලට මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නේ නැතුව විනාඩි 2 ක කෝල් එකක් ගන්න පුලුවන්.ලියාපදිංචි වෙලා විනාඩි 15ක් කෝල් කරන්න පුලුවන්.(ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ).හැබැයි ලියාපදිංචි වෙනවා කියන්නේ මෙයාලගේ ඊ මේල් සහ මෙයාලගේ අනුග්‍රාහකයන්ගේ ඊ මේල් අපේ ඊ මේල් ලිපිනයට එනවා කියන එක.තව ඔයාලට හැම කෝල් එකක් ගද්දිම තත්පර 10 ක් වෙලාවක් දැන්වීමක් බලන්නත් වෙනවා.ඕවා මොනවද නේද? නිකන් දෙනවනම් දෙමළ පත්තරේ උනත් මොකද?ඒ වගේම මේකෙන් කෝල් කරන්න පුලුවන් ඇමරිකාවට විතරයි.

2)http://evaphone.com

මේ සයිට් එකෙන් බොහෝ රටවලට කෝල් කරන්න පුලුවන්.මම UK, US, Italy කියන රටවල් වලට නම් කෝල් කරලා පරීක්ෂා කරා.එළකිරි වගේ වැඩ.බලන්නකෝ.

ඉහත සඳහන් කල වෙබ් අඩවි දෙකේම විශේෂත්වය වෙන්නේ මේ සේවාව ලබා ගැනීමට අපිට කිසිදු මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීමයි.

ඔයාලට මේක ප්‍රයෝජනවත් වුනා නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න.ප්‍රශ්ණ තියෙනවනම් ඒවත් දාන්නකෝ.මම බලන්නම්.