සින්ඩි.....හ්ම්ම්ම්....නියම ටොපික් එක...කියන්න දේවල් නම් ගොඩායි...ඒත් ඉතින් කියලා වැඩක් නෑනේ...දැන් කට්ටියම බලනවා ඇති අලුත් හැකින් වැඩක්වත්ද කියලා..නෑ නෑ....එහෙම දෙයක් නෙවි...මෙතෙක් කාලයක් සිංහල බ්ලොගර්ස් වල සහ අනෙකුත් සින්ඩි වලට ඇඩ් කරලා තිබ්බ මගේ බ්ලොග් අඩවිය මේ වන විට ඔයාලට කියවීමට හැකි වන්නේ ලාංකීය සිතිවිලි සහ හත්මාළුව සින්ඩි වලින් පමනක් බව කරුණාවෙන් සලකන්න .ඒ වගේම මේ පිළිබඳව ලාංකීය සිතිවිලි සහ හත්මාළුව වෙත මාගේ හද පිරි ස්තුතිය මම මේ වෙලාවේ පුද කරනවා...



කථාව මෙහෙමයි...

ඔන්න එක දවසක් මං බලද්දි සිංහල බ්ලොගර්ස් වල මගේ බ්ලොගය සින්ඩීකේට් වෙන්නේ නෑ..මමත් ටිකක් විපරම් කොරලා බැලුවා..මෙන්න බොලේ විද්‍යා/තාක්ෂණ ගොඩේ තිබ්බ මගේ බ්ලොග් අඩවිය පුවත් ගොඩට වැටිලා..මටම පුදුමයි.මේක කොහෙමද පුවත් අඩවියක් උනේ කියලා..අනේමන්දා. .සින්ඩියේ ඇඩ්මින් වරු කාට හරි උවමනාවක් තිබ්බද දන්නේ නෑ මගේ බ්ලොග් අඩවිය මුල් පිටුවට ඒම වළක්වන්න..කමක් නෑ..එහෙම තිබුනා නම් දැන් ඉතින් එයාට සතුටු ඇති..මොක්ද දැන් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් වල තියෙන්නේ නමට පමණක් නිසා..මේ පිළිබඳව මම කාලිංග මහතාට කල දැනුම් දීමෙන් පසුව ඇත්තෙන්ම ඔහු කාරුණික උනා නැවතත් මගේ බ්ලොගය විද්‍යා /තාක්ෂණ කැටගරියට දමන්න ..ඒත් පුදුමය...මම ඊලග පෝස්ට් එක දාන ටිකට එය නැවතත් (දිනක් හෝ දෙකකට පසුව) මුල් පිටුවේ දර්ශණය නොවීය..පසුව මට එය එහෙම්ම ම අමතක වී කාර්‍ය බහුල වීම නිසා සති දෙකක් පමන බ්ලොගයේ කිසිවක් ලිවීමටද නොහැකි විය.නැවතත් මම බ්ලොග් පෝස්ට් එකක් දමා එය සින්ඩියේ පලවන තුරු බලා සිටියෙමි.දිනක් පමණ ගතවුනත් එය පල නොවීය.මේ පිලිබඳව මා කාංලිග මහතාව නැවත කිහිප වතාවක් දැනුම් දුන්නද ඔහුට යැවූ ඊ මේල් බිහිරි අලින්ට වීනා වාදනය කිරීමක්ම විය..ඉන් පසු මම පෝස්ට් කිහිපයක් දැමුවද එය සින්ඩියේ කිසිම කැටගරියක පල නොවීය. එහෙයින් නමට පමනක් සින්ඩියේ සිටීමෙන් වැඩක් නැති නිසාවෙන් මම අද කාලිංග මහතාට කියා සිටියේ මාව සිංහල සිංඩියේ බ්ලොග් අඩවි ලිස්ට් එකෙනුත් ඉවත් කර දමන ලෙසය .කෙසේ වෙතත් මෙතෙක් කල් මාගේ බ්ලොගයට සිංහල බ්ලොගර්ස් ලබා දුන් අනුග්‍රහයට මාගේ ස්තූතිය.

අනෙකුත් සින්ඩි...

අනෙකුත් සින්ඩි යනු මා ලියාපදිංචි වී සිටි සමහර සින්ඩිකේටර්ය(ලාංකීය සිතිවිලි සහ ලියාපදිංචී වී නොසිටි ඒවා හැර)..ඒවායේද මගේ අඩවිය දර්ශනය නොවේ.අවුලක් නැත..මට ඔය සින්ඩි අවශ්‍යය නැත. .බ්ලොග් කරුවන්ට මගේ බ්ලොගය පිළිබඳ දැන්වීමට මට ලාංකීය සින්ඩිය හොදටම ප්‍රමානවත්ය. අනෙක් අයට මේ ගැන දැන් වීමට මගේ බ්ලොගයට සාමාජිකයින් 2600 ක් පමන සිටින රසික පිටුවක් ඇත..එය ඕනෑවටත් වඩා ප්‍රමානවත්ය..


දැනට මගේ බ්ලොග් අඩවිය කියවීමට හැක්කේ ලාංකීය සිතිවිලි සහ හත්මාළුව සිංඩි වලින් පමණකි.ඇත්තෙන්ම මේ පිලිබඳව මම එයට සහ ඒවායේ ඇඩ්මින්වරුන්ට හෝ ඇඩ්මින්වරයාට(මෙය පාළනය කරන්නේ තනි පුද්ගලයෙක්ද කිහිප දෙනෙක්ද කියා මම තොරතුරු නොදන්නා බැවිනි) මාගේ ස්තූතිය පිරිනමමි..


Note- නිම්නය රීඩරයේද මාගේ බ්ලොගය සින්ඩිකේට්වේ..

හැකින් පංතිය පටන් අරන් මේ වෙනකොට මාස 07 යි දින 15 ක් වෙනවා..මේ වන විට පල කරලා තියෙන පෝස්ට් ගණන 38..ලැබී තියෙන කොමෙන්ට්ස් ගණන 482 යි..තව ඉතින් මොන කථාද..එක පෝස්ට් එකකට කොමෙන්ට්ස් ලැබීමේ සාමාණ්‍යය 12.7..