මේවා ඉතින් දැනගත්තාම ගොඩක් අය නම් කියලා දෙන්නේ නෑ..ඒත් අනේ අපේ සමහර බ්ලොග් අඩවි කරුවන් පොඩි එවුන් වගේ වැඩ කරනකොට කොහොමද අප්පා මං බලාගෙන ඉන්නේ... ... හැමෝම දන්නවනේ අපිට ඔය ප්‍රීමියම් තීම් ගන්නවත්,සල්ලි ගෙවලා බ්ලොගයට වැඩ කෑලි දාගන්න උවමනාවක් නෑනේ.ඒත් බොහෝ අය ඒව අපිට ෆ්රී දෙනවා එයාලගේ ඇඩ් එකකුත් එක්ක..මෙහෙම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙන සයිට් එකක් තමයි http://www.flashvortex.com කියන්නේ..අනේ ඉතින් මෙයාලා අපි ගැන හිතලා අපිට නොමිලේම Flash Banners,Menus,Buttons,Text දාගන්න දෙනවනේ..බලන්නකෝ කොච්චර හොදයිද කියලා..කිසිම ලෝබකමක් නෑ ..ඒත් ඉතින් වැඩේ තියෙන්නේ නොමිලේ හදන ඒවට එයාලගේ සයිට් එකට ලින්ක් එකක් දානවනේ.. ඒක ටිකක් චාටර්ර්ර්ර්ර් නේද?




ඔන්න ඉතින් ගැන්ස්ටර් ටත් මේ බැනර් එක මුලින්ම දැක ගන්න ලැබුනේ අපේ මහසෝනා මල්ලිගේ අඩවියේ(මල්ලිද අයියද දන්නේ නෑ හොඳේ)..පොඩි ගතියක් තියෙනවා. .මාත් ඉතින් මගේ බ්ලොග් එකටත් මෙහෙම බැනර් කෑල්ලක් දාගන්න ඕන කියලා හිතිලා ඔන්න ගියා http://www.flashvortex.com එකට..හැදුවා හොද බැනර් එකක්.. :) ඒත් අනේ මෙන්න මෙයා මට මෙයාලගේ අඩවියේ ඇඩ් එක ඉවත් කරන හරි ලකුණ දාන්න දෙන්නේ නෑ ...සල්ලි ගෙවලා මෙම්බර් කෙනෙක් වෙන්නලු ..දැන් ඉතින් මොකෝ කරන්නේ..එයාලගේ ඇඩ් එකත් එක්ක බැනර් එක දැම්මොත් නිකන් ඔවුන්ගේ ඇඩ් එකක් මගේ බ්ලොග් එකේ දැම්මා වගේනේ..ඔන්න මට කීයක් වත් දෙනවානම් කමකුත් නෑ..

දැන් ඉතින් වෙනදා වගේම පොඩ්ඩක් මේ අඩවිය අත පත ගාලා නැලුවා..ඒතකොටයි තේරුනේ මෙයාලා මේ කොන්ට්‍රෝල් පැනල් එක (Flash Banners,Menus,Buttons,Text අපිට ඕන විදිහට එඩිට් කරන්න දෙන කොටස) හදලා තියෙන්නෙත් Flash වලින්මයි කියලා.. දැන් ඉතින් මම ටිකක් මගේ ගැන්ස්ටා මොලේ ඇවිස්සුවා. .

මුලින්ම බැලුවේ මේකට ජවා ස්ක්‍රිප්ට් එකක් එනවද කියලා.මේ ඇඩ් එකට.ඒත් නෑනේ.. (කෙලින්ම ෆ්ලෑෂ් එක තමයි අපිට දෙන්නේ) ඔහොම ඉන්න ගමන් කී බෝඩ් එකෙන් මුකුත් කරන්න පුලුවන්ද කියල බලද්දි තම වැඩේ අහුවුනේ.(ෆ්ලෑෂ් තියෙන තැන් වල Tab,Enter වගේ යතුරු වලින් ගොඩක් වැඩ ගන්න පුලුවන්.මං නම් ඕන තරම් මේ ක්‍රමේ භාවිතා කරනවා ඔය ෆ්ලෑෂ් තියෙන තැන් වල )

දැන් ඉතින් පුරාජේරු දැම්මා ඇති නේද... අපි වැඩේට බහිමු..

1) මුලින්ම යන්න http://www.flashvortex.com අඩවියට..ඒතනින් ඔයාලට ඕන Flash,Banners,Menus,Buttons,Text එකක් හදාගන්නකෝ...

2) හෝව් හෝව්...හදාගන්න කිව්වට තවම Generate Animation බොත්තම ඔබන්න එපා..පහලම හරියේ තියෙන මෙම්බර්ස් ලට විතරක් භාවිතා කරන්න පුලුවන් ඒවට කලින් අපිට එඩිට් කරන්න පුලුවන් බොක්ස් එකක මවුස් පොයින්ටරය තියන්න.




3) දැන් ඉතින් Tab Key ඔබාගෙන යන්න පහල තියෙනRemove FlashVortex.com Advertising කියන තැන Select වෙනකම්ම.ඊට පස්සේ ඒ හරි ලකුන දාන්න තියෙන තැන සිලෙක්ට් උනාම Enter යතුර ඔබන්න...

පළමු පියවර මේ අයුරින් දිස් වේ.දැන් නැවතත් Tab Key එක ඔබන්න.

දෙවන පියවර මේ අයුරින් දිස් වේ.දැන් Enter Key එක ඔබන්න.

Enter Key එක ඔබපුවාම මෙන්න මේ විදිහට හරි (√‍) ලකුණ වැටෙනවා..





4) වැඩේ ඉවරයි..බලන්නකෝ දැන් Generate Animation බොත්තම ඔබලා ඔයාලට එන ඇනිමේශන් එක...හුරේඒඒඒඒඒ ...දැන් ඒකේ අර ඇඩ් එක නෑ නේද? ....


ආහ්හ්..තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා...මම මේ ෆ්ලෑෂ් භාවිතා කරලා තමයි මගේ ඊලඟ අලුත් තීම් එක දාන්නේ..ඉතින් ඒක හොදයිද කියලා බලන්න ඔයාලගෙන් අහන්නත් එක්ක බ්ලොගර් ඉන් ඩ්‍රාෆ්ට් වගේ Hacking Clz In Draft කියලා බ්ලොග් එකක් හැදුවා ...ගිහින් බලන්නකෝ ...උදව්වක් විදිහට පොඩි කොමෙන්ටුවක් දාන්නකෝ (ඒකෙම උනත් කමක් නෑ) ඒ තීම් එක හොදයිද නැද්ද කියලා...Hacking Clz in Draft එකට යන්න මෙතන ඔබන්න...

කොහොමද පෝස්ට් එක?...හොඳයි නම් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ ...අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දාගම්මු නේද?...

විශේෂ නිවේදනය(2010/07/14---4.15 PM)- හුටා..කෙල වෙලා තියෙන්නේ..මේ වන විට මේ පල කරලා තියෙන ආකාරයට ක්‍රියාකිරීමේ හැකියාව එම අඩවිය විසින් නිවැරදි කර ඇති බවක් පේනවා.එහෙත් මෙය තාවකාලික විය හැකි බැවින් මෙසේ කල හැකිද යන්න උත්සහ කිරීම ඔබ සතුය.උත්සහ කිරීමෙන් අනතුරුව එසේ නොහැකිනම් හා ඔයාලට මේ ආකාරයට Flash (Banners,Menus,Buttons,Text)-(ඇඩ් එක නැතුව) ලබා ගැනීමට අවෂ්‍යයම නම් එය මා විසින් ඔබට සකස් කර දෙමි.මොකද මම වෙහෙස වෙලා හොයාගත්තු මේ ක්‍රමයද මෙහි පලකිරීමෙන් එයින්ද ප්‍රයෝජනයක් ගත නොහැකි විය හැකි බැවිනි..ස්තුතියි...