හිත් හොඳ මිනිසුනුයි හැමවිට ඉක්මන් වන්නේ..

දිවියෙන් දිවිය නිමවී මේ සසරත් කෙටි වන්නේ..

ඔබ කල සේවය අප හදවත් තුල රැව්දෙන්නේ...

ඉතින් අවසරයි සමුදෙන්නට බ්ලොග්කරුවානේ !!


තම තම නැණ පමණින් සිංහල බ්ලොග් අඩවිය රචනා කල කුමුදු ලාල් පින්තු මහතා හදිසියේම අප අතරින් වෙන්වූ බව මා දැන්ගත්තේ තවත් බ්ලොග් අඩවි කිහිපයකිනි..ඇත්තෙන්ම එක වරම "තම නැණ පමණින්" බ්ලොග් අඩවිය කියූ පමණින් මට මතකයට නොආවත් මම එම බ්ලොග් අඩවියට ගිය සැනින් මට එය හුරු පුරුදු අඩවියක් බවට වැටහුණි..එහි සෑම පෝස්ට් එකක්ම මම කියවා නැති මුත් තුන හතරක් නම් අනිවාර්‍යයෙන්ම කියවා ඇත..



බොහොමත් සුන්දර මිනිසෙක් වූ එතුමාගේ නික්ම යාම සිංහල බ්ලොග් කලාව වෙනුවෙන් අන්තර්ජාලයේ ඉඩක් වෙන් කර ගැනීමට දරන මේ අවස්ථාවේ අපට මහත් වූ පාඩුවක් බව නම් කිවයුතුමය.එමෙන්ම එතුමාගේ පවුලේ අයට සහ සිසු දරුවන්ටද(මා ඔහු ගුරුවරයෙකු බව දන්නේද අනෙක් බ්ලොග් අඩවි වල තිබූ තොරතුරු මගිනි) මගේ ලක් බිමටද,බුද්ධ ශාසනයටද මේ නික්ම යාම ලෙහෙසියෙන් දරා ගත නොහැකි පාඩුවක් වනු ඇත..අප අතරින් වෙන් වූවත් ඔබ කල මෙහෙවරට ඔබේ සිසු දරුවන්ගේ හිත් තුලද සිංහල බ්ලොග් කලාව තුලද ඔබේ නම කිසිදා නොමැකෙනු ඇත...

එසේනම් සුන්දර මිනිසාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...!!!!